මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න – මඩකලපුවේදී මාධ්‍යවේදීන් ඉල්ලයි

0
73

මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුව විසින්  ඊයේ මඩකලපුවේදී  මහජනතාව දැනුවත්කිරීමේ ව්‍යාපාරයක් පවත්වමින් මාධ්‍ය නිදහස වලපල්ලට යැවූ   මාධ්‍යවේදීන් මරාදැමූ පාලනයක් නැවත පත්නොකරන ලෙස ඉල්ලමින් පත්‍රිකා බෙදාහරින ලදී. එමෙන්ම පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය තුළ මරාදැමූ මෙන්ම අතුරුදහන්කළ මාධ්‍යවේදීන් ද සිහිකරමින් ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම සදහා බලකරමින් සැමරුම් වැඩසටහනක් ද පවත්වන ලදී.
මාධ්‍ය ක්‍රියාකාරින්ගේ මේ සැමරුම් වැඩසටහනට ප්‍රදේශයේ දමිල  ජනතාවගෙන් ලැබුනේ උණුසුම් ප්‍රතිවාරයකි.
සමරන්නට යෙදුන මාධ්‍යවේදින් අතර මඩකලපුවේ මාධ්‍යවේදින් සිටිමද ඔවුන්ට විශේෂත්වයක් වි තිබුණි.
එමෙන්ම විරකේසරි පුවත්පතේ ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු ලෙසින් කටයුතු පසුගිය රජය විසින් ඝාතනය කරන්නට යෙදුන නඩේෂන් මහතාගේ නිවස මෙන්ම ඔහු සේවය කළ දේශිය අදායම් බදු කාර්යලය ද  පිහිටා තිබුනේ මෙම සැමරුම් වැඩසටහන පැවැති ස්ථානයට ඉතා සමිපයෙන් විමද තවත් විශේෂත්වයක්  විය.
DSC_0116