මාධ්‍ය ඉදිරියේ ජාඇලදි මානව හිමිකම් ගැන කියපු කාර්දිනල්හිමිට අද මිගමුවේදි මාධ්‍ය ඇලජික් වුණ හැටි !

0
142

කාර්දිනල් 2ඊයේ දිනයේ ජාඇල පැවැති දේවමෙහෙයකදි කාර්දිනල් මැල්කම් හිමි විසින් මානව හිමිකම් ගැන සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබදව මේ වන විට සාමාජ මාධ්‍යයන් හි බරපතල විවේනයක් එල්ල වෙමින් තිබේ.
මෙ නිසාම එයට බියවි ඇති කාර්දිනල් හිමි ඇතුලු කතෝලික පියතුමන්ලා අද මිගමුවේදි සංවිධානය කර තිබුණ විවාහ පවුල් එකමුතුවක් ගැන වාර්ථා කිරිමට පැමිණෙන ලෙස මාධ්‍ය වෙත දන්වා තිබුණද පසුව කියා තිබුනේ එම හමුව මාධ්‍යට තහනම් බවය.
ඒ වනවිටත් එකි අවස්ථාව වාර්ථා කිරිමට ගිය මාධ්‍යවේදින් පැයක් පමණ කාලයක් මිඩංගු කරමින් රැදි සිටිම නිසා ඒ අය විසින් පෙරලා කියා තිබුනේ මෙම වැඩසටහන මාධ්‍යවලට විවෘත එකක් නොවන්නේ නම් කල් ඇතිව ඒ අයට නොකිවේ මන්ද කියාය.
පසුව ඇතැම් පියතුමන්ලා කියා තිබුනේ ඊයේ දිනයේ කාර්දිනල් හිමි විසින් මානව හිමිකම් පිළිබදව කරන්නට යෙදුන ප්‍රකාශයකට එරෙහිව දැනටමත් සාමාජ මාධ්‍ය වලින් දැඩි විවේචනයක් එල්ල වි පවතින බැවින් අද හමුව මාධ්‍යවෙත විවෘත නොකිරිමට කාර්දිනල් හිමිද ඇතුළු ගරු පියවරුන් තින්දු කළ බවය.
එම නිසා අද දින කාර්දිනල් හිමිගේ දේශනය මාධ්‍යයට ආවරණය කිරිමට ඉඩදිය නොහැකි බව කියා තිබුණි.
කෙසේ වෙතත් මේ ස්ථාවරය පිළිබදව සිය මතය පළකර ඇති මාධ්‍යවේදින් එහිදි කියා ඇත්තේ මාධ්‍ය ඉදිරියේ කියන දේවල් මාධ්‍ය විසින් වාර්ථා කරනවා මිස නොකියවු දේවල් වාර්ථා කර නොමැති බවය.
ඊයෙ ජාඇලදි මානව හිමිකම් ගැන මාධ්‍ය ඉදිරියේ කාර්දිනල් හිමි කළ ප්‍රකාශයක් ….