මාධ්‍ය නිදහස නැති ලෝකයේ නරකම රටවල් අතරට ලංකාවත්

0
473

මාධ්‍ය නිදහස පිළිබදව ලෝකයේ රටවල් වර්ගිකරණයක යෙදෙන දේශසිමා රහිත මාධ්‍යවේදියෝ නම් අන්තර් ජාතික සංවිධානය විසින් නිකුත් කරන්න යෙදුන වාර්ථාවට අනුව එහි සදහන් රටවල් 180 අතරින් ශ්‍රි ලංකාව 165 වන ස්ථානයේ සිටි.
මෙම වර්ගිකරණයට අනුව මාධ්‍ය නිදහස ඉහලින් ඇති රට ලෙසින් පින්ලන්තයත් මාධ්‍ය නිදහස අඩුම රට ලෙසින් එරිත්‍රියාවත් නම් කර  තිබේ.
තත්වය මෙසේ වුවද මේ නරකම තත්වය ශ්‍රි ලංකාවේ මාධ්‍ය වල වාර්ථා කර තිබුණ අන්දම ගැන විග්‍රයක යෙදුන ජනාධිපති නිතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා පවසා සිටියේ ලංකාවේ බොහොමයක් මාධ්‍යන් වලට පවා මෙය ප්‍රධාන පුවතක් නොවුන බවය.
එක්තරා ජාතික පුවත්පතක ලංකාවේ මාධ්‍ය දර්ශකය පිලිබදව ඉතාමත් කෙටි පුවතක් පළ කර තිබුනේ එම පුවත් පතේ 22 පිටුවේ යැයි ඔහු තවදුරටත් පවසා සිටියේය.
ඔහු මේ බව සදහන් කළේ  2014 පෙබරවාරි 13 වනදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදි මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කරන ලද මහජන සම්මනත්ත්‍රණයකට සහභාගි වෙමිනි.

RSF chart