



මුලතිව් මාධ්‍යවේදි විශ්වලංගම් හමුදා සොල්දාදුවන් පිරිසක් විසින් එල්ල කර තිබුණ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමින් විරෝදතාවයක් සංවිධායනය කර තිබුණි.
පසුගිය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනය කරනු ලැබු මාධ්‍යවේදින්ට සහ මාධ්‍ය සේවකයන්ට යුක්තිය ඉටුකරන ලෙසද, සයිබර් මාධ්‍ය මර්ධනයට විරෝධය පළකරමින් මිගමුව නගර මධ්‍යයේ අද සවස් වරුවේ විරෝධාතාවයක් සංවිධානය කර තිබුණි.
මිගමු මාධ්‍ය සමාජය , වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය , ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍යවේදි පදනම ,ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකතුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
මිගමුව ඔරලෝසු කණුව අසල පැවැති විරෝධතාවයෙන් පසුව මිගමුව රාත්‍රි පොළ භුමිය දක්වා කෙටි පෙළපාලියක්ද විරෝධතාකරුවන් විසින් සංවිධානය කර තිබුණි.











ඡායා- මායා සහ කුමාරි