මාධ්‍ය මර්ධනයේ කසකරුවා දිවයිනේ පත්තරේ කිර්ති ??

0
325

6080-media-repression-iran-400x289සන්ඩේ ලිඩර් පුවත් පතේ සේවය කරන මාධ්‍යවේදිනි මන්දනාගේ නිවසට පැමිණි කල්ලිය ගැනත් එමගින් මන්දනාෙග් පවුලට එල්ලවි ඇති ජිවිත අවධානමත් ගැන සදහන් කරමින් නිකුත්ව තිබුණ මාධ්‍ය නිවේදනයන්හි තිබු ඒක කරුණක් ගැන අපගේ පාඨකයාගේ  අවධානය යොමුකරවනු කැමැත්තෙමු.
එනම් එක්තරා ජාතික පුවත් පතක් විසින් මන්දනා සභාපතිත්වය දරන මාධ්‍ය වෘත්තිය සමිතිය ගැන අලවා තිබුණු දේශදෝහි හංවඩුවයි.
මේ හංවඩුව අලවා තිබුනේ  අන් කිසිවෙකුත් නොව  දිවයින පුවත්පතේ කිර්ති වර්ණකුලසුරිය විසින් ඔහු  ලියන කොළමෙහිය.
මේ  අනුව බලන කල්හි මන්දනාගේ ජිවිතය අවදානමේ හෙළිමින් කර තිබුණ ඒ මංකාල්ලය ට කලින්  ජනතාවට වෛරි ප්‍රකාශයන් ඉදිරිපත් කර තිබුනි.
කිසිදු පදනමකින් තොරව ගොතන අතේ රෝල් වලින් පමණක් ගොඩ යන කිර්තිගේ පසුගිය සතියේ  කොළමේ  ප්‍රධාන අවධානයක් යොමු කර තිබුනේ උතරේ ජනතා නියෝජිතයන් විසින් දකුණෙදි පුවත් පත් සාකජාවකදි ඔවුන් මුහණ දෙන යථාර්ථය පිළිබදව ඉදිරිපත් කර තිබුණු කරුණු වලට එරෙහි වු විරෝධයන් ගැනය.
එමෙන්ම එකි මාධ්‍ය සාකච්ජාවේදි කිසිදු විනයකින් තොරව හැසිරුණ දිවයින සහ ලංකාදිප මාධ්‍යවේදින්ට න්‍යාය පත්‍රයට ගරුකරමින් කටයුතු කරන ලෙසට එහි සංවිධායකින් කර තිබුණ මැදිහත්විමට එරෙහිව කිර්ති නැමැත්තා එහි එක් සංවිධායකරයෙකු පිළිබදව අභුත චෝදනා රැසක් ගොතමින් මේ සිංහල බෞද්ධ සමාජය හමුවේ ඔහුව බෙදුම්වාදි දේශ දෝහියෙකු ලෙසින් නම් කර තිබුණි.
කෙසේ වෙතත් මින් අනතුරුව   පොලිස් බුද්ධි අංශ විසින්  අදාල සංවිධායකවරයාගේ සම්පුර්ණ තොරතුරු වාර්ථාවක්ද කොළඹට ගෙන්වාෙගන ඇතැයි වාර්ථා වේ.
මෙසේ මාධ්‍යවේදින්ගේ ජිවිත අනතුරේ හෙළන මර්ධනයේ කසකරුවා අන් කිසිවෙකුත් නොව කිර්ති වර්ණකුලසුරියයි.
රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කළ යුතු අයෙක් වැරදිමකින් ජනමාධ්‍යවේදියෙකු වි ඇත.