මාධ්‍ය සංදර්ශණ නැති මිගමු විපක්ෂනායකගේ බඩු බෙදිල්ල (විඩියෝ )

0
96

රොයිස්(11.30 am ) කොරෝනා වංසගත තත්වය හමුවේ මිගමුවේ ජනයා අද මුහුණ දි සිටින්නේ බරපතල අසරණබවකටය.ධිවරයන්ද ඇතුළු එදිනෙදා ආදයමක් ලබමින් ජිවිකාව ගෙන ගිය සියලු දෙනාම මේ ඉරණමට මුහුණ දි සිටිති.
පසුගිය කොරෝනා රැල්ල තුලදිම මනාප වෙනුවෙන් ගෙවල් ගානේ යමින් සිදුකරන්නට යෙදු බඩු බෙදිල්ලද මෙවර නැත.රජය විසින් ලබාදුන් රු 5000 දිමනාවද අද වනතුරුත් නොලැබිම නිසාම මේ අයට කිසිදු සහනයක් නොවිනි.
දැන් වාර්තා වන අන්දමට අද සිට එය ලැබිමට නියමිතය.
කොරොනා හමුවේ පිඩාවට පත්වුවන්ට සහන සලසා බත්පැකට් ලබාදිම එය මහඉහලින් වර්ණනා කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වන්නට මිගමුව නගරයේ ප්‍රධාන පුරවැසියාම කටයුතු කරමින්  සිටිම ගැන මේ වන විට බහුතරයක් බුද්ධිමත් ජනයා අතර අවඥාවට ලක්වෙමින් තිබේ.
මේ සංදර්ශණවල තරම කොයිතරම් දැයි කියනවා නම් කලපු දූපත්වල සිටින කුසගිනි රිලවුන්ට කන්ට දෙන එක පවා විඩියෝ කර ෆෝටෝ ගසා සමාජ මාධ්‍ය එක්කරන්නට තරම් තත්වයකට පත්ව සිටි.
මේ අතර මිගමුවේ ඇතැම් ව්‍යාපාරිකයන්ට තමන්ගේ විවිධ අරමුණ ඔස්සේ මේ කටයුත්තට එක්ව බත්පැකට් ප්‍රචාරය ලබාගනිමින් සිටිති.
තතු මෙසේ වෙද්දි මිගමුව විපක්ෂ නායක රොයිස් විජිත විසින් කිසිදු ඔහුට හැකි පමණනින් කලහැකි සහනය ගැන සිය ෆේස් බුක් පිටුවට එකකරමින් ඉතා වැදගත් අදහස් දැක්විමක් සිදුකර තිබේ.
පිඩාවට පත් ජනයා පෝලිම්  ගස්සා බඩු බෙදා ඒවා දේශපාලන වාසි බවට හරවා ගැනිමට තමන් සුදානම් නැති බව ඉතා අවධාරණයෙන් යුතුව මෙම විඩියෝවේ දක්වා තිබේ.
එමෙන්ම ව්‍යාපාරිකයන්ට පණිවිඩයක් දෙමින් ඔහු කියා ඇත්තේ ඔබට ඇත්තටම දුප්පතුන්ට සහන දිමට අවැසි නම් එය ඔබම කිරිමට කටයුුතු සලසා ගන්නා ලෙසය.
කිතුණු දහමේ ඇති එක් ප්‍රධාන සිද්ධානත්යක් ගැනද විපක්ෂ නායකවරයා මෙහිදි මතු කර තිබේ.
එනම් වමතින් දෙන දෙය දකුණතටවත් දැනගැනිමට දැනගන්නට ඉඩ නොදි සහන  බෙදා දෙන ලෙසය