දරුවන්ගේ පොත් ලැයිස්තු නත්තල් දිව්‍ය පූජාවෙන් පසු නත්තල් ගස අසල බහා තිබූ අතර කැමති අයෙකුට එ් සඳහා අනුග්‍රහය දැක්වීමට අවස්ථාව සලසා දී තිබුණි.
දරුවන් අමතා ගරු පියතුමන් ප්‍රකාශ කර සිටියේ මෙලෙස පොත් ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට පිටිවහලක් වීමත්, නත්තලේ අර්ථය වන දිළිඳුන් සමග බෙදා හදා ගැනීම අර්ථවත් කිරීමටත් බවය. ා
එසේම මෙම පොත් පත් පරිහරනය කරන සෑම විට එය ලබා දුන් අයව සිහිපත් කොට ඔවුනට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරන ලෙසද දරුවන්ගෙන් උන්වහන්සේ ඉල්ලා සිටියහ.
අසරණ දරුවන් වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන් කාරුණික හදවත් ඇති ග්රාමවාසී සියලූ දෙනාටම මුන්නක්කරය ශාන්ත නිකුලා තරුණ සමිතියේ අවංක ආදර ස්තූතිය සහ දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරයි
සුමුදු ලක්මාල් ප්‍රනාන්දු