මාධ්‍ය සංදර්ශන වලින් එහා ගිය ඩෙංගු මර්දන වැඩකට මීගමුව සුදානම්ද?

0
34

පසුගිය වසරක මීගමුව ලංකාවේව ඩෙංගු නගරයට හිමි සම්මානයට හිමිකම් කිවේය.
ඒ රටේ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් පවා මේ බැව් තහවුරු කර ගනිමිනි.
ඉන් කියැවුනේ ආණ්ඩු පක්ෂ පාලනයට නතුව තිබෙන මීගමුව මහනගර සභාවේ ශේෂ පත්‍රය පිළිදවය.
තවත් නිශ්චිත කරන්නේ නම් මීගමුව මහනගර සභා පාලනයට මීගමුවේ කුණු කසල නිසි ලෙස ඉවත් කරමින් ඩෙංගු තාවන් නැති කරමින් කළ යුතු මුලිකතම වැඩ කොටස ඉටු කිරිමට නොහැකි වුණ බවය.
මෙය පුදුම විය යුතු කාරණයක් නොවුයේ මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ ඇමති නිමල් ලංසාගේ සොහොයුරාය.
ඔහු සිය සහෝදරයාගේ සහ තමන්ගේ සියළු දේශපාලන ඕනාඑපාකම් වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු කම්කරුවන් එහා මෙහා යෙදවිමට නිරන්තරයෙන්ම කටයුතු කරන ලද්දේ නගරාධිතිවරයාගේ පවා අණ නොතකමිනි.
පසුගිය දිනවල මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුවන් එක්ව මීගමුවේ ඩෙංගු මර්ධනය සදහා දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කර තිබුණ බව වාර්තා විය.ඒ රටපුරා ක්‍රියාත්මක වු වැඩසටහනක කොටසක් ලෙසිනි.
එහෙත් ඒවායේ ඇත්ත ප්‍රථිපල ලබාගතහැකිවනුයේ ඒ සියළු ක්‍රියාකාරකම් මාධ්‍ය සංදර්ශන වලින් එහා ගිය ඇත්ත ඒවා  වන්නේ නම් පමණි.
ඒ ඇත්තටම අභියෝගයකි.දේශපාලන අධිකාරියේ මේ ක්ෂේත්‍රයේ වගකිම දරන්නාට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන මෙලෝ හසරක් දන්නේ නැත.මීගමුවේ නාගරිකක මන්ත්‍රිවරුන් 26 දෙනා අතර සිටින එකම වෛද්‍යවරයාව සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිවරයා කරගැනිමට තරම් බුද්ධියක් නැති දේශපාලන අධිකාරිය මැරයෙකු සහ එහි සභාපතිකරගෙන තිබේ.
මේ සියළු යථාර්ථයන් හමුවේ ඩෙංගු පාලනය යනු මීගමුවේදි ඇත්තටම අභියෝගයකි.