මාධ්‍ය සංවිධාන නියෝජිතයන් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක හමුව සාර්ථකද ?

0
325

IGP office 1මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ නියෝජිතයන් හා පොලිස්පතිතුමා අතර පසුගිය දිනක පැවැති සාකච්ජාවකදි කරන්නට යෙදුන ඉල්ලිමක් පදනම් කරගනිමින් පොලිස්පති එන්.කේ ඉලංගකොන් මහතා අද සිට එය ක්‍රියාත්මක කරන්නට පටන්ගෙන තිබුණි
එනම් මාධ්‍ය සංවිධානවල නියෝජිතයන් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා සමගින් සෑම මසකම විවෘත සාකච්ජාවකට ඉඩකඩ ලබාදෙමිනි.
මෙම හමුව අද  දින (2015 .06.16) පෙ.ව 11 ට පොලිස් මුලස්ථාන පරිශ්‍රයේදි පැවැත්විණි.
මාධ්‍යවේදින් මුහුණ දෙන ගැටළු විවෘතව සාකච්ඡා කිරිමට ලැබෙන මේ අවස්ථාව ඉතා වැදගත් පියවරයක් සේ දකින බව මෙම සාකච්ඡාවෙන් පසුව එහි ප්‍රතිථල මාධ්‍ය වෙත කෙටියෙන් දක්වමින් පැමිණ සිටි මාධ්‍ය සංවිධාන නියෝජිතයෝ පවසා සිටියහ.
මෙම හමුව පිළිබදව විස්තරාත්මක වාර්ථාවක් මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් හෙට දිනයේ නිකුත් කරන බවද එහි සමකැදවුම්කාරිණි දිප්ති අධිකාරි මහත්මිය මීපුර වෙබ් අඩවියට පවසා සිටියාය.
මෙම සාකච්ජාව සදහා උතුරේ සහ නැගෙනහිර මාධ්‍ය සංවිධානවල නියෝජිතයන්ද සහභාගිවි සිටි අතර විශේෂයන්ම ඔවුන් දැනට මුහුණ දි ඇති මාධ්‍ය නිදහස හා බැදුනු ප්‍රශ්ණ ගණනාවක් පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා විසින් අවධානය යොමුකර තිබුණි.
පැමිණ සිටි මාධ්‍ය නියෝජිතයන් විසින් ප්‍රාදේශිය හා දිස්ත්‍රික් මට්ටමින් මෙවැනි සාකච්ඡා ඇතිකිරිමේ වැදගත්කම ගැනද අවධාරණය කළ අතර ඒ සදහා මුලිකත්වය ප්‍රාදේශිය හා දිස්ත්‍රික් මට්ටමන්  මාධ්‍යවේදි සංවිධාන විසින් සිදුකළ යුතු බව මාධ්‍ය ප්‍රකාශක විසින් දන්වා සිටියේය.
පොලිසිය හා මාධ්‍ය සංවිධාන නියෝජි්තයන් අතර අදින් ඇරඹෙන මේ අලුත් වැඩසටහන දෙපිරිසටම ප්‍රයෝජනවත් එකක් වනු ඇති බවට තමා විශ්වාස කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
IGP ooffice 3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here