නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදාහැරීම ඔස්සේ ජාතික ප්‍රශ්නය විසදීම සහ මානව හිමිකම් ශක්තිමත් කිරීම සදහා රජයට බලපෑම් කිරීම මුල්කරගනිමින් මෙවර ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීමට නිදහසේ වේදිකාව සමග සිවිල් සංවිධාන එකතුව කටයුතු යොදා ඇත.
මානව හිමිකම් දිනය යෙදෙන දෙසැම්බර් මස 10 වැනි (බ්‍රහස්පතින්දා) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) මිහිලක මන්දිරයේදී සවස 3.00 සිට 6.00 දක්වා පාක්‍යසෝති සරවනමුත්තු, නිමල්කා ප්‍රනාන්දු, ජේ.සී.වැලිඅමුණ, සුදර්ශන ගුණවර්ධන, බ්‍රිටෝ ප්‍රනාන්දු, ෆ්‍රෙඞී ගමගේ, ජයතිලක බණ්ඩාර, පිලිප් දිසානායක, හර්මන් කුමාර ප්‍රමුඛ සිවිල් සමාජ නායක නායිකාවන්ගේ සහභාගිත්වයෙන් යුතුව පැවැත්වෙන මෙම අවස්තාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අමාත්‍ය මනෝ ගනේෂන් සහ අචාර්ය වික්‍රමභාහු කරුණාරත්න ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වේ.

