මානව හිමිකම් එපා කී කාර්දිනල් හිමි, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය පතා අන්තර් ජාතික අධිකරණයට….

0
144

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වැරදිකරුවන් සහ මහ මොළකරුවන් යුක්තිය ඉදිරියට ගෙන ඒමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර අධිකරණ සහාය ලබා ගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පවසා ඇති බව ශ්‍රිලංකා බ්‍රිෆ් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

එතුමන් මේ බව ප්‍රකාශ කර තිබුනේ ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය.

මෙයට පෙර කාර්දිනල් මැල්කම් රංජිත් හිමි කියා තිබුනේ මානව හිමිකම් යනු බටහිර සංකල්පයක් බවත් එය ලංකාවට අනවශ්‍ය බවත්ය.
2018 සැප්තැම්බර් 23වන දින දේශණාවක් පවත්වමින් කාදිනල්වරයා කියා සිටියේ මානව හිමිකම් යනු බටහිර සංකල්පයක් බවත් ශ්‍රී ලංකාවට  ඒවා අනවශ්‍ය බවත්ය.

ආගම අනුව කටයුතු කරනවා නම් මානව හිමිකම් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක බටහිරට ආගමක් වුනාට අපට අපේ ආගමික ඉගැන්වීම් තිබෙනවා. -මැල්කම් රංජිත් 

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපති රාජපක්ෂට බාරදුන් නමුත් එය තවම ප්‍රසිද්ධ කර නැත. තමාට එහි පිටපතක් ලබා දෙන ලෙස කාර්දිනල් හිමියන් විසින් කරන ලද ඉල්ලීමටද ගෝඨාභය රාජපක්ෂ යහපත් ප්‍රතිචාරයක් මේ තාක් දක්වා නැති බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

“වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු රජය කරන්නේ කුමක්ද යන්න අපට දැක ගැනිමට අවශ්‍යය. මෙය සිදු නොවන්නේ නම්, විදේශයන්හි ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්ව යම් යුක්තිය ඉටු කර ගැනීම සඳහා එම සංවිධානවල සහාය ලබා ගැනීමට අපි කටයුතු කරන්නෙමු.” යැයි කාරදිනල් ප්‍රකාශ කළ බව   ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

“වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු රජය කරන්නේ කුමක්ද යන්න අපට දැන ගැනීමට අවශයය. මෙය සිදු නොවන්නේ නම්, විදේශයන්හි ජාත්‍යන්තර සංවිධාන ඇති අතර ඔවුන් සමඟ එක්ව යම් යුක්තියක් ඉටු කර ගැනීම සඳහා එම සංවිධානවල සහාය ලබා ගැනීමට අපි කටයුතු කරන්නෙමු.” යැයි එතුමන් කියා තිබේ.

අපරාධ පරීක්ෂන දෙපාර්ථමෙන්තුව විසින් කරන ලද පරීක්ෂණ අව්‍යාජ උනන්දුවක් නොමැතිව සිදු කරන ලද්දක් සේ පෙනෙන බවත් එකී විමර්ශනයේ එක් විශේෂිත කරුණක් සම්බන්ධයෙන් තමා අධිකරණය හරහා විකල්ප ප්‍රවේශයක් ලබා ගැනීමට තීරණය කර ඇති බවත් කාර්දිනල් මැල්කම් රංජිත් හිමියන් සදහන් කර තිබේ.

“අපට බලා සිටිය නොහැක. හැකි ඉක්මනින් වාර්තාවේ පිටපතක් අපට ලබාදිය යුතුය” යැයිද එතුමන් කියා තිබේ.

මානව හිමිකම් යනු බටහිර සංකල්පයක් බවට දේශනා කළ මැල්කම් රංජිත් කාර්දිනල් හිමියන් දැන අන්තර් ජාතික මානව හිමිකම් යාන්ත්‍රණයන් වෙත හැරීමට සිදුව තිබීම දෛවයේ සරදමක් ලෙස විචාරකයෝ හදුන්වන බව ශ්‍රි ලංකා බ්‍රිෆ් වෙබ් අඩවිය විසින් පළකර ඇති පුවතේ වැඩිදුරටත් සදහන්ය

වසර 12ක් ගතවීමෙන් පසුත් තවමත් යුක්තියක් නොලැබූ උතුරු නැගෙනහිර යුද්ධ විනිදිත ජනයා ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියද ඒ සඳහා දැන් අන්තර් ජාතික යාන්ත්‍රණයක් ඉල්ලා සිටීම කාර්දිනල් හිමියන් මෙම ප්‍රකාශයෙන් සාධාරණය කැරෙන බව ජිනීවාහී මානව හිමිකම් සංවිධාන ප්‍රධානියකු ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පවසා තිබුන බවද සැලය

මානව හිමිකම් යනු විශ්වීය අයිතියක් බවත් ස්වකීය රට තුළ සිය මානව හිමිකම් ආරක්ෂා නොවන්නේ නම් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව, අන්තර් ජාතික යුද අපරාධ අධිකරණය වැනි අන්තර් ජාතික යාන්ත්‍රණයන් වෙත සිය දුක්ගැනවිළි ගෙන යාමට ලොව ඕනෑම පුරවැසියකුට අයිතියක් ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත

මුලාශ්‍රය –Sri Lanka Brief