මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ?

0
115

මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන රුකී ප්‍රනාන්දු සහ කතෝලික පියතුමෙකු වන ගරු ප්‍රවීන්  පියතුමා අද සවස කිලිනොච්චියේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ. ඔවුන්ව මේ වනවිටත්  කිලිනොච්චියේ යම් ස්ථානයක තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවත් ඔවුන් සිටින ස්ථානය කොහේද යන්න ස්ථීරව වාර්තා වී නොමැත. රුකී ප්‍රනාන්දු  ශ්‍රී ලංකාවේ  මානව අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් වසර ගණනක සිට කැපවී  ක්‍රියාකරන ක්‍රියාධරයෙකු වන අතර කලක් ඉන්ෆෝම් ආයතනයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.
සාමය හා සංහිදියාව වෙනුවෙන් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වන ප්‍රවීන් පියතුමා  යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාව සමග වැඩකරන මානව හිමිකම් ක්‍රියාධරයෙකි. ruki

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here