මානසික ආතතිය අවම කරන කෑම වර්ග 5ක්

0
956
මේ දවස්වල පත්තර වල රුපවාහිනියේ ගුවන්විදුලියේ මේ හැමතැනකම වගේ ප්‍රචාරය වැඩසටහන් , වාර්තා වගේ දේවල් දිහා බලන කොට ගොඩක් වෙලාවට අහන්න දකින්න ලැබෙන මාතෘකාවක් තමයි මානසික අසහනය කියන්නේ. අපේ බලනකොට ඉස්සරට වඩා ගොඩක් කලබල කාරී වෙලා. තරඟකාරීත්වය වැඩිවෙලා. මේ නිසාම අපේ ජිවන රටා වගේම ආහාර පුරුදුත් වෙනස් වෙලා තියනවා. ඒ දේවල් මේ මානසික අසහනය කියන තත්වයට නොයෙක් ආකාරයේ බලපෑම් ඇති කරනවා. ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දී අපේ කායික හා මානසික සෞඛ්‍ය හොඳට පවත්වාගන්න උපකාර වෙන කෑම වර්ග 5ක් ගැන කියන්නම්.

Orange juice / දොඩම්

orange juice
අපි මානසික පීඩනයෙන් ඉන්න වෙලාවට Cortisol කියන හෝර්මෝනය නිදහස් වෙනවා. මේ හොර්මෝනයෙන් කරන්නේ අපේ ශරීරය පීඩාකාරී අවස්ථාවලට මුහුණ දීමට හැකිවන පරිදි සකස් කරන එක. මේ හෝර්මෝනය නිසා ශරීරයේ මේධය තැන්පත් වීමත් වැඩිකරනවා. ඒ හින්දා ශරීරයේ බර වැඩිවෙන්න ඒක හේතුවක් වෙනවා. විටමින් C අඩංගු දොඩම් වගේ පානයක් භාවිතා කරාම විටමින් ච වලින් මේ හොර්මෝනයේ ක්‍රියාකාරිත්වය අඩුකරන හින්දා එමගින් ශරීරයට ඇතිකරන අයහපත් බලපෑම් අවම කෙරෙනවා. ඒ වගේම හොඳ ප්‍රබෝධමත් හැඟීමකුත් ලබාදෙනවා.

සැමන් / Salmon

Baked Herbed Salmon 3
සැමන් මාළුවෙක් බේක් කරලා නැත්තන් හොඳ රස විදියකට පිළියෙළ කරලා ගත්තානම් අපේ මානසික පිඩනයට හොඳයිලු. සැමන් කියන්නේ ඔමේගා 3 මේද අම්ල අඩංගු ආහාරයක්. මේ සංයෝගයට පුළුවන් ආසාත්මිකතා අවම කරන්න වගේම කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්ව ඇති වන එකත් අවම කරන්න. ඒවගේම කෝටිසෝල් කියන හෝර්මෝනය පාලනය කරන්නත් පුළුවන්. fish oil වලට Cortisol මගින් සිරුරට ඇති බලපෑම ගොඩක් දුරට අඩුකරන්න පුළුවන් කියලා හොයාගෙන තියනවා.

බෙල්ලෝ / Oysters

2012 0203OysterBar 353
මුහුදු බෙල්ලෝ වගේ කෑමක් නං ලංකාවේ ගොඩක් වෙලාවට හොයාගන්න ලැබෙන්නේ නෑ. ඒ වුනාට මේවා කෑවම ලිංගික හැඟීම් උද්දීපනය වෙනවා කියලත්. මෙහි අඩංගු සින්ක් ප්‍රමාණය විශාල නිසා cortisol හොර්මෝනය ශ්‍රාවය වීම අඩුවෙනවා. එක මුහුදු බෙල්ලෙක්ගේ අඩංගු සින්ක් ප්‍රමාණය මිලිග්‍රෑම් 11ක් පමණ වෙනවා. ඒ වගේම මේ ඛනිජය අපේ ප්‍රතිශක්ති පද්ධතියට ඉතා වැදගත්.

බෝංචි ඇට / Cannellini beans

BBaC8qt
මේවා සුදු බෝංචි කියලත් හඳුන්වනවා. මේවා ඉතාලි බෝංචි විශේෂයක්. වෙළඳපොලේ කෑන් ඇතුලේ එන බෝංචි විශේෂයක්. මේකේ ගුණ ඉතා ඉහලයි. “phosphatidylserine” කියන සංයෝගය cortisol හෝර්මෝනය නිසා මොලයේ සෛල වලට ඇතිවන බලපෑම් යතාතත්වයට පත්කරනවා. ඒවගේම මෙහි ඇති ඉහල පිෂ්ට ප්‍රතිරෝධය නිසා බොහෝලෙස සිරුරේ බර අඩු කරගන්නත් කෙට්ටුවෙන්නත් උදව් වෙනවා.

කළු චොකලට් / Dark chocolate

dark chocolate curls
මෙහි අඩංගු polyphenols සහ flavonols මගින් රුධිර පීඩනය අඩු කරනවා. ඒවගේම පරීක්ෂණයකින් ඔප්පුවෙලා තියනවා මේ කෑවාම වැඩි මානසික පීඩන තත්ව වල ඉන්න වැඩිහිටියන්ගේ අසහනකාරී තත්ව යම් කිසි පාලනයකට පැමිණීමට මෙයින් දායකත්වයක් ලැබෙන බව.

ඕගොල්ලොත් ඕනෑම දෙයක් අනවශ්‍ය විදියට හිතට ගන්නේ නැතුව සැහැල්ලුවෙන් ඉන්න පුරුදු වෙන්න.

උපුටාගැනීම Sira.lk

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here