මානසික ප්‍රබලත්වයක් තුළින් ජිවීත සඵලතවයක් කරා

0
487

මානසික සුවය පිපාසයෙන් පෙලෙන මෙම සමාජ තත්ත්වය තුළ සිත මිතුරුකරණය මුලීක කරගත් උපදේශන සේවා සපයන ‘සිත් සෙවන මධයස්ථානය ‘ තිබෙන්නේ කොච්චිකඩේ තෝප්පුව ශු. පිලිප් නේරි පල්ලිය අසලය.
ආහාර,ආරක්ෂාව,ආදරය, කයට පමනක් සීමා නොවී මනසටද ලබා දීමයි මෙහි අරමුන .සතුනට ඇති සහකම්පනය මිනිස් හදවත තුල ඇති කිරීමට දෙමාපියන් තුලින් දරුවන්ට වන හිරිහැර හා මනසින් කඩා වැටුනු සිසුන් පාසල් මට්ටමින් සොයා බැලීමද මෙහි කාර‍යක් වේ.
විශේෂයෙන්ම  මත් ද්‍රව‍්‍ය වලට ලොල් වී සිටින තරුුණයන් පුනුරුත්ථාපනය කොට වෘත්තිමය පුහුනු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා රැකියා අවස්ථා ලබාදීම .තවද ජේයෂ්ඨ පුරවැසියන් සදහා  පෙනී සිටිමින් ඔවුනට සිදුවන අසාධාරන වෙනුවෙන් ක්‍රියා කිරීම හා ඒ පවුල් වලට උපදෙශන සේවා සැපයීම මෙම ආයතනය තුලින් සිදු වේ.
සෑමදේම මුදලට පමනක් සීමා වූ මෙම ආර්ථීකය තුල මනසින් පීඩා විදින්නන් වෙනුවෙන් මානසික සුවයක් තුලින් අත්වැලක් වන මෙම සංකල්පය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ වන අතර මෙහි අධයක්ෂක ශාන්ති මදුරාවල මහතාගේ මෙහෙයවීමෙන් සිදු වේ.IMG_9502IMG_9487 (1)

IMG_9489සටහන සහ ඡායා – දිල්ශාන් ක්‍රිෂාන්ත