මාරක අනතුරින් මිය ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාම දෙදරු පියවරුන්

0
71

ඊයේ (29) රාත්‍රියේ දී මීගමුව පමුණුව ප්‍රෙද්ශයේදී සිදුවූ මාරක රිය අනතුරින් මියගිය  පොලිස් නිලධාරීන් දෙදෙනා ,  අංක 45 ඒ නැගෙනහිර කටුකෙන්ද දංකොටුව පදිංචි ඒකනායක මුදියන්සේලාගේ සමින්ද ශානික බණ්ඩාර පෝද්දල්ගොඩ පදිංචි  32 හැවිරිදි විවාහක දෙදෙරු පියෙක් හා සෙම්බුකුලිය මහකුඹුක්කඩවල ආනමඩුව පදිංචි  බෝහින්ගමු මුද්යන්සේලාගේ අශේක ලලිත් යසනායක 39 හැවිරිදි විවාහක දෙදරු පියෙකි.
මෙම අනතුර සිදුවන විට වේලාව රාත්‍රී 8.20ටපමණ වී ඇති අතර වාහනය පාරෙන් ඉවතට පැන පොලිස් නිලධාරීන් දෙදෙනා ගමන්ගත් යතුරු පැදි යටකරගෙන ඉදිරියටම ගමන්කර ඇති අතර, නොනැවතී පලාගොස් ඇත. මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා රාජකාරියක් සඳහා මීගමුවේ සිට පිටිපන ප්‍රෙද්ශය බලා ගමන්කරමින් සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස් නිළධාරින් දෙදෙනා අධික ලෙස තුවාල ලබා මිගමුව රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියයන ලදී.

1 SHNIKA 2 Yasnayaka

Save

Save