.මේ දිනවල අවුරුදු උත්සව සමය බැවින් මීගමු නගරය තුළ ඇත්තේ කළබල කාරී පරිසරයකි. සෑම තැනම දක්නට ඇති වාහන නිසා පාරේ යන එන අයද අපහසුතාවයට පත්වන බව පැහැදිළිය. අද (11දා)මන්ත්රි රෙදි සාප්පුව ඉදිරි පිට නතර කළ වාහනයක් ඉවත් කරන ලෙස පොලීසිය දැනුම් දුන්නද ඒ ගැන වාහන අයිතිකරු නොතකා සිටි අතර මෙහිදී පොලීසිය සමග බහින් බස් වීමක්ද සිදුවිය. එමෙන්ම මොහු මීගමුවේ ඔරියන්ට් නැමැති ව්යාපාරික ආයතනයේ හිමිකරු බවද ආරංචිවේ. PA -9077 දරණ මෙම වාහනය අයිති කරු නැවත පදවාගෙන ගොස් වෙනත් එවැනිම වූ තැනක නවතාලනු පෙනින. කෙසේ නමුත් නගරයේ පොලීසියට හෝ නීතියට අවනත නොවන්නේ මුදලින් හිස උදුම්මා ගත් මෙවැනි පුද්ගලයන් පමණි.
ජනතාවගේ අපහසුතාවයන් නොතකා සමහර නීතියට අනුගත නොවන මෙැවනි අය මේ දිනවලදී කරන මේ සෙල්ලම නතර කිරීම උදෙසා නිසි පිළියම් යොදන ලෙස අපි පොලීසියෙන් ඉල්ලා සිටිමු.