මාරාන්තික අනතුරකට අත වනන වැස්සට යටවෙන වෙන්නප්පුවේ පාරවල් ?

0
176

වෙන්නප්පුව පාරකොළඹ හලාවත මාර්ගයේ වෙන්නප්පුව නගර සීමා අරම්භ කරන ස්ථානයේ වර්ෂා කාලයන්හි ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා ජනතාව විශාල අපහසුතාවයකට පත්ව තිබේ විශේශයෙන්ම මාර්ගයේ එක් මං තීරුවක් ජලයෙන් යට වීම නිසා එය බේරා යාමට යතුරු පැදි කරුවන් පා පැදි කරුවන් හා ත්‍රි රෝද රථ මාර්ගයේ මැදට ඒමට උත්සහ කිරිම නිසා විශාල අවදානම් කාරි ස්ථානයක් බවට එම ස්ථානය පත්ව ඇතැයි ජනතාව පවසති මෙම තත්වය පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය හා වගකිව යුතු අංශ දැනුවත් කලත් මෙතෙක් විසඳුමක් ලැබි නොමැති බව ඔවුන් පවසති මෙයට සති 3 කට පෙර ඉඳුරුව ප්‍රදේශයේ මේ අකාරයෙන්ම වැසි ජලය පිරුණු ස්ථානයක් මග හැරිමට ගොස් ත්‍රි රෝද රථයක් බස් රථයක් ගැටි හතර දෙනෙක් මිය යාමේ සිදුවීම මෙන් විශාල අනතුරක් හා ජීවිත හානියක් වීමට පෙර මෙම ස්ථානයේ හා විශාල වාහන ප්‍රමාණයක් ගමන් ගන්නා මෙම මාර්ගයේ එවැනි අනතුරු දායක ස්ථාන අසල මාර්ගයේ පැති කාණු කපා එම ජලය බැස යාමට කටයුතු කර දෙන මෙන් ඉල්ලා සිටි.
චන්දන ප්‍රනාන්දු