මාරාන්තික ඩෙංගු රෝගයට විදුහල්පතිනියක්ද ගොදුරුවේ.

0
75

dengue-mosquito

මේවනවිට   ප්‍රදේශ  ගනනාවක  ඩෙංගුරෝගය  පැතිරෙන  බවත්,  මීගමුව  රෝහලේ  මේවනවිට  90 ක  පමණ  රෝගීන්  සංඛ්‍යාවක්  ප්‍රතිකාර  ගන්නා  බවත්  වාර්ථාවේ
මේ  අතර  ඊයේ  රාත්‍රි  7.50 ට  පමණ ඩෙංගු  දැඩිසත්කාර  ඒකකයේ  ප්‍රතිකාර  ලබමින්  සිටි  කටුනායක රෝමාණු කතෝලික  විදුහලේ  විදුහල්  පතිනිය  වන  දමයන්ති  පෙරේරා  මහත්මිය  මියගොස්  ඇත.
මිය යනවිට  වයස  අවුරුදු  51  ක්වූ  දමයන්ති  මහත්මිය  දරුවන්  දෙදෙනෙකුගේ    මවකි.
මේ  දරුවන්  දෙදෙනාගෙන්  එක්  අයෙකුටද  ඩෙංගු  රෝගය  වැළදී   ඇතැයි  රෝහල්  පොලීසිය  පවසයි   ඩෙංගු  රෝගය  වැළදුනු  දමයන්ති  මහත්මිය  අක්කර  පනහ  ,  කද සුරිදුගම  පදිංචි  කාරිණියකි.  මේ  අනුව   මීගමුව  පමණක්  නොව   කටාන  ,  කටුනායක  වැනි  ප්‍රදේශ  ගනනාවක  මෙම  රෝගය  පැතිරගොස්  ඇතැයි  රෝහල්  ආරංචි  මාර්ග  දක්වා සිටී.