මාරාන්තික වල වැසිමේ වගකිම RDA එක සතුයි- ටෙලිකොම් කියයි?

0
125

හලාවත කොළඹ මහා මාර්ගයේ නයිනමඩමේ ප්‍රදේශයේ ඇති මාරාන්තික  වලක් පිළිබදව දැනටමත් අප හෙළිදරව් කර ඇත්තෙමු.ඒ සම්බන්ධයෙන් මීගමුව ටෙලිකොම් ආයතනයේ අදාල ප්‍රදේශය භාරව කටයුතු කරනු ලබන කාර්මික නිලධාරි විමල් මහතාගෙන් අප විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ ගිය මස 28 වෙනිදා එකි වල යථා තත්වයට පත් කිරිම සදහා අවශ්‍ය පිරවිම්  සියල්ල නිමකර ඒ මත කාපට් ඇතිරිමේ වගකිම හලාවත මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පැවැරු බවයි. මේ පිළිබද වගකිම හලාවත කාර්යාලයේ චාල්ස් නම් වු නිලධාරි මහතා වෙත දැනුම් දි දැනට සතියකටත වඩා යැයි අප කළ විමසුමකට පිලිතුරු දෙමින් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් අප  හලාවත මාර්ග සංවර්ධන අධිකාරියේ චාල්ස් මහතා සම්න්ධ කරගැනිමට දැරු තැත තවමත් සාර්ථක වුයේ නැත.