මාරිස්ටෙල්ලා සිසුවාගේ මරණයට හේතුව ඩෙංගු විය හැකි බවට සැකයි?

0
52

මීගමුව-කඩොල්කැලේ අගරදගුරැ මාවතේ,පදිංචි  පුලස්ති අංජන ගුණවර්ධන නම්  13 න් වියැති පිරිමි දරැවෙකු පසුගිය 22වනදා මීගමුව රෝහලේදී මිය ගොස් ඇත්තේ උණ වැළදී ප්‍රතිකාර ලබමින් සිටියදීය. ඔහුගේ රෝග ලක්ෂන අනුව ඔහුට ඩෙංගු වැළදී ඇති බවට වෛද්‍යවරැන් සැකකරන බවට ආරංචි මාර්ග පවසයි. තවදුරටත් ඔහුගේ සිරැරේ කොටස් පරීක්ෂණ සදහා යවා ඇත.  මාරිස්ටෙල්ලා විදුහලේ 09 වසරේ ඉගෙනුම ලබමින් සිටි පුලස්ති ගුණවර්ධන සිසුවාගේ  පියා නෙරංජන් ගුණවර්ධන සහ මව සිරියා ගුණවර්ධන අයවේ.

 

තුෂාර රොහාන්