මාරිස් ආදි සිසුවෝ ඓතිහාසික මෙහෙවරකට අතගසති !

0
110

 

IMG_20200124_215738මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුවන් විසින් පසුගියදා වැදගත් මාධ්‍ය සාකච්ඡාවක් සූදානම් කර තිබින . මෙම මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ වී තිබුනේ තම විදුහල ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා වන මෙහෙවරක් පිළිබඳව සාකච්ඡාවක් කරමින් එය සමාජගත කිරීමටය.
ප්‍රධාන වශයෙන් විදුහල තුළ පංති කාමර සංඛ්‍යාත්මකව වැඩිකර නවීකරණය කිරීම , ගෘහස්ථ ක්‍රීඩාංගණයක් සැකසීම සහ අංගසම්පූර්ණ පිහිනුම් තටාකයක් ගොඩනැගීම ආදී කටයුතු මේ අතර විය .
මේ සඳහා විශාල මුදලක් අවශ්‍ය වන බැවින් ඒසඳහා අරමුදලක් ගොඩනැගීම මෙම වැඩසටහනේ ප්‍රමුක අදහස විය .
මේ සඳහා කඩොල් කැලේ ක්‍රීඩාංගණයේදී ප්‍රධාන පෙලේ ගායකයින් කිහිප දෙනෙකු සම්බන්ධ වන සංගීත සංදර්ශනයක් සැලසුම් කර ඇත. ⁣
ඒ අද රට තුල ජනප්‍රිය ප්‍රසංගයක් බවට පත්ව ඇති ඔබ නිසා ප්‍රසංගය මේ වෙනුවෙන්  සංවිධානය කරමිනි.
භාතිය -සන්තුෂ්, උමාරියා, ලහිරු සහ ෂානුක යන කලාකරුවන් සහභාගී වන බව ප්‍රකාශිතය. IMG_20200124_215327received_205736187253796 (copy)
මෙම කටයුත්තේ සම්බන්ධිකරණ කටයුතු මෙහෙවන වන දිනුක ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ ඔබ නිසා ප්‍රසංගයෙන් ලබන සියළුම අදායම් මාරිස්ටෙලා විදුහලට අංග සම්පුර්ණ පිහිනුම් තටාකයක් ඉදිකිරිම වෙනුවෙන් යෙදෙවෙන බවය.ඔබ නිසා ප්‍රසංගය පෙබරවාරි 23 සවස මීගමුව කඩොල් කැලේ ක්‍රිඩාංගනයේදි පැවැත්විමට නියමිතය.
මෙහිදී අදහස් දක්වමින් කතාකළ විදුහල්පති වන මයිකල් ද වාස් සහෝදර තුමා පළමුව මාරිස් විදුහල ඓතිහාසිකව විකාශනයවී අද තත්වයට වර්ධනය වූ ආකාරය ගැනත්, ඉන්පසු මෙම ආරම්භ කරන වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ගුණාත්මක සහ තත්වයෙන් උසස් අධ්‍යාපනයක් ලබාදීමත් , ඒතුළින් සමබර පෞරුෂයක් සහිත මිනිසෙකු බිහිකිරීම අරමුණු කර ගන්නා බවයි .
මේ අතර ගස් ලක්ෂයක් හිටවීමේ සමාජ මෙහෙවරක්ද සැලසුම් කර මේවනවිට ක්‍රියාත්මක කරන බව සභාපති තුමා පෙන්වා දෙනලදී . මෙය දැනටමත් අරඹා ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here