මාලදිවයින් රාජ්‍යය නිදහසේ රන් ජුබිලිය සමරයි.

0
62

දහසය වන සිවයසේ සිට පෘතුගීසි ඕලන්ද හා බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අවධානයට පත්ව තිබූ මාලදිවයින බ්‍රිතාන්‍යයන යටතේ තටයුතු කල සුල්තාන්වරයෙකුගේ පාලන ක්‍රමයකින් මිදී 1965 ජුලි මස 26 වන දි පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත්වී වසර 50ක් සපුරයි. මෙම නිදහ් රන් ජුබිලිය සැමරීම ජුලි මස 26 වන දින උත්සවාකාරයෙන් සිදුකිරීමට මාලදිවයින් රජය කටයුතු කරමින් සිටී.

ශ්‍රීලංකාවට සමීපතම අසල්වැි රාජ්‍යයක් වන මාලදිවයිනේ මේ නිදහස් උත්සවය සැමරීමේ නිල උත්සවය සදහා ලෝකයේ විවිධ රටවලින් රාජ්‍ය නායකයන් හට ආරාධනා කොට ඇති අතර ශ්‍රීලංකාව නියෝජනය කරමින් ශ්‍රීලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන බව මාලදිවයින පුවත් වාර්තා කරයි. මේ වන විට ලෝකයේ නන් දෙසින් මාලදිවයින වෙත සුභ පැතුම් ගලා එමින් පවතී.

නිදහස් උත්සවය නිමිති කොට ගෙන නව මුදල් නෝට්ටු දෙකක් නිකුත් කිරීම, පැරෂුට් ආකාස කිමිදුම් දර්ශණ, මල්වෙඩි සංදර්ශණ සහ ප්‍රසිද්ධ ඉන්දියාණු සංගීත කණ්ඩායමක සහ භාරත නිළි බිපාෂා බාසුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මහා සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මාලේ අගනගරයේ පිහිටි නිදහස් චතුරස්‍රය නවීකරණය කොට විවෘත කිරීම පසුගිය 25 වන දින සිදුකෙරිණි. මාලේ නගරය හා ජාත්‍යන්තර ගුවන් තොටුපල පිහිටි හුලුලේ දූපතේ සහ මාලේ නගරයේ සියලුම දූපත් වල පිහිටි රාජ්‍යය ගොඩනැගිලි, මාර්ග හා මාර්ග සංධිස්ථාන තොරන් සහ වර්ණවත් ලෙඩ් විදුලි බුබුළු වලින් සරසා ඇති අතර විශේෂයෙන් මාලේ අගනගරය රාත්‍රීයේදී ලංකාවේ වෙක් සිරිය මෙන් සැණකෙළි සිරි ගෙන ඇත.

11778139_874487605950023_1854139337_n

 

ධනුෂ්ක ගුරුගේ – මාලදිවයින