මාලදිවයිනේ දින තිහක හදිසි සෞඛ්‍ය තත්වයක්..

0
133

Sangu-Water-Villas-situated-above-the-crystalline-waters-of-the-Kuredu-Island-Resort-in-the-Maldives

අද දින කොරෝනා වයිරසය ආසාදිත සංචාරකයෙකු සෆාරි බෝට්ටුවකින් සොයා ගැනීමත් සමඟ මාලදිවයිනේ කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් මුළු සංඛ්‍යාව 13ක් ලෙසින් වාර්තාවේ. අනන්තරා දිගු රහ් නම් සංචාරක දුපතක විවේක ගනිමින් සිටි සංචාරකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව මීට දින දෙකකට පෙර වාර්තාවිය. කොරෝනා වෛරසය අසාදිතව මාලේ,දරුමවන්ත රෝහලේ ප්‍රතිකාර ලබන 70 හැවිරිදි ඉතාලි ජාතික සංචාරකයාගේ සෞඛ්‍ය තත්වය බරපතල බව එම රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සෞඛ්‍ය ආරක්ෂණ අධිකාරිය විසින් මාලේ අගනගරය සහ ඒ අවට පිහිටි හෝටල් සහ නවාතැන් පහසුකම් සපයන ස්ථාන සංචාරකයන් සඳහා සිමා කරන ලෙසට දන්වා ඇත. ස්පාඥ්ඥය,ජර්මනිය සහ ප්‍රංශ ජාතික සංචාරකයන්ට මාලදිවයිනට ඇතුළු වීම සීමා කොට ඇති අතර ඉතාලි, දකුණු කොරියා, චීන, ඉරාන සහ බංග්ලාදේශ සංචාරකයන්ට ඇතුළුවීම තහනම් කොට ඇත.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Covid-19 පරීක්ෂණ කට්ටල 5000 පරිත්‍යාග කොට ඇත. වයිරසය ආසාදිත සංචාරකයන් නවාතැන් ගෙන සිටි සංචාරක දුපත් රජයේ අදාළ අංශ විසින් අධීක්ෂණය කෙරෙමින් පවති. සංචාරකයන් විසින් සංචාරක දුපතේ සිට දේශීය දුපත් වෙත සිදු කෙරෙන සියලු සංචාරයන් සහ කිමිදීම් කටයුතු ඇතුළු මුහුදු ක්‍රීඩා තාවකාලිකව අත්හිටුවා ඇත.

මාලදිවයින රජය විසින් දින 30ක ජාතික සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශ කොට ඇති අතර සියලුම පාසල්,විද්‍යාල සහ විශ්ව විද්යාල වසා දමා ඇත. රජය විසින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ “ටෙලි පන්ති” ලෙසින් අධ්‍යාපන කටයුතු සලසා දීමට කටයුතු සිදු කෙරෙමින් කෙරෙමින් පවතී. සියලුම උද්‍යාන,ක්‍රීඩා සමාජ ක්‍රියාකාරකම් සහ විවේක ගන්නා චතුරශ්‍ර තාවකාලික තහනමට ලක් කොට ඇත. සංචාරක දුපත් වෙත යෑම මෙන්ම සංචාරක දුපත්වලින් පිටවීමද සීමා කිරීමට සංචාරක දුපත් පරිපාලනයන් විසින් කටයුතු යොදා ඇත.මෙම සීමා කිරීම දේශීය දුපත් සඳහාද බල පැවැත්වේ.
ශ්‍රී ලංකාව විසින් මාලදිවයින ජාතිකයන්ට ලබා දෙනු ලබන “ඔන් අරයිවල්” විසා ක්‍රමය අත්හිටුවා ඇති අතර ඔන්ලයින් ක්‍රමයෙන් විසා ඇයදුම් කල හැකිය. කොරෝනා බිය හේතුවෙන් බන්ධනාගාර දෙකක නොසන්සුන්තාවයක් ඇතිවී ඇතැයිද වාර්තාවේ.

ක්‍රිස්ටි රාජේන්ද්‍රන්