මාලිංගගෙන් පසු දසුන්ට නායකත්වයට අවස්ථාව තිබෙනවා – අසන්ත ද මෙල්

0
38

_abcd96f4-eb2e-11e9-ae8a-39ff32977a8f

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්පසු කණ්ඩායමේ නායත්වය සදහා දසුන් ශානකට හොද අවස්ථාවක් අති බව ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා පවසයි. නායකත්වය සදහා වන දක්ෂතාවය හා ගුණාංග ඔහු සතුව ඇති බවද ඒ මහතා පවසයි.

දසුන් ශානක තමන්ට පැවරූ ප්‍රථම නායකත්වයේ වගකීම අති සාර්ථතව අවසන් කල අතර ලොව අංක 01 ශ්‍රේණිගතකිරීම්වල පසුවන පාකිස්ථාන කණ්ඩායම 3-0කින් පරාජය කිරීමට ඔහු සමත් විය. ඔහු එම දස්කම දැක්වූයේ කණ්ඩායමේ කිසිදු ජේ්‍යෂ්ඨ ක්‍රීකයෙකුගේ සහභාගීත්වයක් නොමැති අවස්ථාවක නවක ක්‍රීඩකයන් පිරිසක් සමග වීම අතිශය අගයිය යුතු දක්ෂතාවකි. එමෙන්ම තරගාවලිය පුරාම දසුන්ගේ පිටියේ පන්දු රකින්නන් සැකසීම හා පන්දු යවන්නන් යොදා ගැනීමට විචාරකයන්ගේ පැසසීමට ලක්විය.