මාලිංගට පසු වේගවත්ම පන්දු යවන්නා මීගමුවෙන් ,,….

0
356

chameera 7දුෂ්මන්ත චමීර යනු මීගමුව ලෝක ක්‍රිකට් ඉතිහාසයට ගෙන ගිය දක්ෂ තරුණයෙකි.වසර 23 ක් වැනි තරුණයෙකු රටක් නියෝජනය කරමින් තරඟවැඳීම ඔහු නියෝජනය කරන මීගමුව හා එහි ජනතාවටද ඇත්තේ මහත් වූ ආඩම්බරයකි.ඒ ආඩම්බරයේ සැබෑ හිමිකරුවන්නේ දුෂ්මන්ත චමීර ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව කරා ගෙන ගිය ගුරුවරයාය.

හර්ෂ ගමඅධිකාරි මහතා  දුෂ්මන්තගේ පළමු ක්‍රිකට් ගුරුවරයා වේ.1998 දි ඔහු සේවය කල මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේදි දුෂ්මන්ත චමීරව හමුවේ. 2000දි  13 න් පහළ  C  කණ්ඩායමට තේරුණු දුෂ්මන්ත එහි ආරම්භක පන්දු යවන්නා වශයෙන් හා ආරම්භක පිතිකරුවා වශයෙන් ක්‍රීඩා කලේය. 2001දි  13න් පහළ B  කණ්ඩායමේ  ක්‍රීඩා කල අතර  එම කාලයේ පිලියන්දල සෙන්ට්‍රල් හා රාගම බැසිලිකා විද්‍යාලයට එරෙහිව කඩුලු 05 බැගින් ලබා ගෙන සිය දස්කම් දැක්වීය.පිතිකරනයෙන්ද අර්ධ ශතක දෙකක් ලබාගත්තේය.පසුව 2002 වර්ෂයේදි 13න් පහළA කණ්ඩායමට ඇතුලුවීමට සුදුසුකම් ලැබීය.පසුව 2002 දි  හර්ස්චන්ද්‍ර විද්‍යාලයේ ක්‍රිකට්  ක්‍රීඩා පුහුණුකරු වශයෙන් සේවය කල මෝදිත මදුමාල් මහතා  යටතේ 15න් පහල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩා කලේය.

2007  දි  ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු වශයෙන් මීගමුව මරිස්ටෙල්ලා විද්‍යාලයට පැමිනි  හර්ෂ ගමඅධිකාරි මහතා විසින් දුෂ්මන්ත චමීර  මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයට ඇතුලත් කර ගත්තේය. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු මීගමුව මාරිස්ටෙල්ලා විදුහලට ඇතුලු වූ චමීර 17 න් පහල  පළමු අංශ  කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වශයෙන් තම දක්ෂතා දැක්වීය.ඒ අතර 17න් පහළ පළමු පෙල  කණ්ඩායම නියෝජනය කිරීමේ හැකියාව දුෂ්මන්තට හිමි විය.බස්නහිර පළාත්  කණ්ඩායමට හා දිස්ත්‍රික් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද දුෂ්මන්තට හිමි විය.එහිදීද ආරම්භක වේග පන්දු යවන්නා වශයෙන් ඔහු දක්ෂතා දැක්වීය. පසුව   coca cola pathway  වැඩසටහන යටතේ එහි අවසන් 20දෙනා අතරට තේරී පත්වීමට දුෂ්මන්තට අවස්ථාව ලැබිනි. ඊට අමතරව   19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීම වලදී හොදම 50 ඇතුලත්වීමට  අවස්ථාව හිමිවිය.2007/2008 වර්ෂ්යේදි ලෙමනේඩ් කුසලාන පළමු අංශයේ තරඟාවලියේදි මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය අර්ධ අවසන පූර්ව වටය දක්වා පැමිණීමට හැකිවිය. එහිදි දුෂ්මන්ත කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා විය.2008/2009 වසරේදි  ලංකාවේ ප්‍රථම වරට් පැවැත්වූ අන්තර් පාසල් 20 – 20 තරගාවලියේ ශානක ද සිල්වාගේ නායකත්වය යටතේ මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයට අවසන් පූර්ව වටය සඳහා පැමිනීමට හැකිවිය.අවසන් පූර්ව තරගය දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ කොළඹ ආනන්ද විද්‍යාලය හා පැවති තරගයේද ආරම්භක පන්දු යවන්නා වශයෙන් ක්‍රීඩා කලේය .2009/2010වසරේහි මලින්ද සමරසේකරගේ නායකත්වය යටතේ මරිස්ටෙල්ලා පළමු පෙල ක්‍රිකට්  කණ්ඩායම  පළමු අංශයෙන් All Island  Best    Behavior  ලෙස තේරී පත්විය. එහිදී එම කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස දුෂ්මන්ත ක්‍රිඩා කලේය. 2010/2011 වර්ෂ්යේදි මරිස්ටෙල්ලා ක්‍රිකට් පළමුපෙල දසුන් චානක නායකත්වයෙන් දුෂ්මන්ත චමීර පාසල් වර්ණ ලබා ගත්තේය.

දුෂ්මන්ත චමීර  ක්‍රිකට් සමාජ වෙනුවෙන් ක්‍රීඩා කිරීම අරම්භ කලේ හර්ෂ ගමඅධිකාරි මහතාගේ යටතේය. ඒ  17න් පහල පාසල් ක්‍රීඩා කරන සමයේ හරිස්චන්ද්‍ර ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කරමින්ය.ඉන් පසුව ඔහු යටතේම 19 න් පහල පාසල් ක්‍රීඩ කරන සමයේ මීගමුව ලියෝස් ක්‍රීඩා සමාජයට එක් වී ක්‍රීඩා කරන ලදි.එහිදි 2011 දි පැවති 23න් පහල  සරා කුසලානයේ ලියෝ ක්‍රීඩා සමාජයට අර්ධ අවසන් තරගයට පැමිණීමට හැකිවිය.එහිදීද ආරම්භක පන්දු යවන්නා වශයෙන් ක්‍රීඩා කලේය.ඉන් පසු 2012 වසරේදි පැවති සරා කුසලන තරගාවලියේ ජයග්‍රහකයන් වීමට මීගමුව ලියෝස් කණ්ඩායමට හැකිවිය.එහි අවසන් තරගයේදි ඔහු කඩුලු 5 ක් දවා ගත්තේය.මේ වන විට ඉහල මට්ටමේ දක්ෂතා දක්වමින් සිටි දුෂ්මන්ත චමිර වැඩිදුර ක්‍රිකට් කටයුතු සඳහා කොළඹ NCC ක්‍රිකට් සමාජය වෙත යොමු කිරීමට ඔහුගේ පළමු ක්‍රිකට් පුහුණුකරු වූ හර්ෂ ක්‍රියා කලේය.

2012 දෙසැම්බර් සිට  NCC කණ්ඩායම නියෝජනය කල දුෂ්මන්ත චමීර  NCC කණ්ඩායම හා ක්‍රීඩා කල  අවසන් තරඟයේදි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තුන්දින ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දි ලකුණු 55 කට කඩුලු 4 ක් ද දෙවන ඉනිමේදි ලකුණු 77 කට කඩුලු 03 ක් ලබා ගැනීමට ඔහුට හැකිවිය. ශ්‍රී ලංකා ප්‍රිමීයර් ලීග් තරඟාවලියේ නැගෙනහිර නාගස් කණ්ඩායමට ක්‍රිඩා කලේය.ඒ අතර යාල් බසර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරිමට දුෂ්මන්තට හැකි විය.ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම නියෝජනය කරමින් තරඟ සඳහා ඉදිරිපත් විය.තම පළමු ජාත්‍යන්තර තරගය නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් හීදී ක්‍රීඩා කල අතර ඒහිදි කඩුලු 02 ක් ලබා ගැනීමට දුෂ්මන්ත සමත් විය. තම දෙවන තරගය 05 වන ලෝක කුසලානයේ පළමු වටයේ ස්කොට්ලන්තයට එරෙහිව හර්බට් හි ඔවල් ක්‍රීඩාංගනයේදි පැවැත්විනි .එහිදී පන්දුවාර 07 පන්දු 03 කදි ලකුනු 51 කට කඩුලු 03ක් දවා ගත්තේය.

දුෂ්මන්ත චමීර තම දක්ෂතා දැක්වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ තම පන්දුවේ වේගවත් බව නිසාය.ඔහුගේ වේගය ලසිත් මාලිංගගේ පන්දු වේගයට පමනක් දෙවනි වෙයි.ජාත්‍යන්තර තරඟයකදි තම පළමු කඩුල්ල දිනයේ වේගවත්ම පන්දුවේදි ලබා ගනී ඒ නවසීලන්ත ක්‍රීඩක ටේලර් .දුෂ්මන්තගේ පළමු ක්‍රිකට් පුහුණුකරු කියා සිටියේ දුෂ්මන්තගේ නිහතමානි කම නිසා මෙපමණ දුරක් පැමිණීමට දුෂ්මන්තට හැකිවුණු බවයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here