මාලිමාවටත් කමිටු ලෙඩේ ? බිච් පාක් විසදුම අද නොවේ හෙට?

0
61

( 10.30 am ) බිච් පාක් ප්‍රශ්ණයේ සෑබෑ තත්වය ගැන නිසි අවබෝධයක් නැතිවා පමණක් නොව ඒ ගැන ඇත්තම තත්වය දැනගැනිමට පවා උවමනාවක් නැතිබව මිගමුවේ ප්‍රා.ලේ ගේ හැසිරිමෙන් පැහැදිලිව පෙනෙන බව අප මිට පෙර අවස්ථා කිපයකදිම මතු කළෙමු.

මේ තත්වය නිසා බිච් පාක් කුමන්ත්‍රණය පරදා එය නගර සභාවේ පරිහරණයට පත්කිරිමට තවත් කල් යන බව දැන් පෙනේ.

ප්‍රාදේශීය ලේකම් වරියගේ මේ අඩුපාඩු හේතුවෙන්  (17)  ඊයේ දිනයේ පැවැති සම්බන්ධිකරණ රැස්විමේදි බරපතල විචේනයන්ට මුහුන දිමට පවා  සිදුව තිබුන බවද වාර්තා විය.

මේ තත්වය නිසා ඊයේ මිගමුව සම්බන්ධිකරණ කමිටු රැස්විමට පැමිණ සිටි නියෝජ්‍ය ඇමති සහ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති මහින්ද ජයසිංහ පවසා තිබුනේ බිච් පාක් ප්‍රශ්ණය විසදිම සඳහා කමිටුවක් පත්කරගන්නා ලෙසය.

ප්‍රශ්ණය ව්සදාලිමට අදාලව පිලිතුරු ඉතාමත් පැහැදිලිව දකින්නට තිබියදි දැන් වටේ යාමට පටන් ගැනිමේ වාසියද අවසාන වශයෙන් අත්වන්නේ මිගමුව බිච් පාක් එකෙන් නිති විරෝධි ලෙස රු 100ක ටිකට් එකක් කඩන පිලෙන්ද්‍රන් ලංසාටමය.ඔහුගේ විනෝදාංශ සඳහා තවත් කාලයක් සඳහා මේ කප්පම් මුදල් ප්‍රයෝජනවත් වනු ඇත.

මාලිමා රජයට දින 100ක්ද ඉක්ම ගොස් තිබියදි මිගමුව තුල ඉතා පැහැදිලි ලෙස බරපතල නිතිවිරෝධි කප්පම් ගැනිල්ලක් මහදවාලේ ක්‍රියාත්මක වෙමින් තිබ්යදි එය තවමත් නවත්වා ගැනිමට නොහැකි විම ගැන මාලිමාවේ ලොක්කන් ඇත්තටම ලැජ්ජා විය යුතුව වේ.බිච් පාක් එකේ මුදල් එකතු කිරිල්ල නීති විරෝධි බව සක්සුදක් සේ පැහැදිලිව තිබියදි අඩුම තරමින් රථගාලේ ටිකට් විකුණමින් කරන මේ කප්පම් ජවාරම නවතා ලන්නට ලංසාට කිසිදු බියක් නැතිව කුඩු ලංසා යැයි අභියෝග මහින්ද ජයසිංහට පවා නොහැකිවිම විසින් කියා සිටින්නේ කුමක්ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here