( 11 .30 am ) මීගමුවේ මාලිමාව දැන් තියෙන්නේ අර්බුදයක. ඒ හින්දම දැන් දැන් මේ යථාර්ථය තේරුම් ගනිමින් ඉන්න මාලිමාමේ ගම්පහ දිස්ත්රික් ප්රධානින් පවා මේ තත්වය කළමණාකරණය කරගන්න පුලුවන් විදිය ගැන බලන්න මිගමුවට එන්න සුදානමින් ඉන්නව කියල තමයි අරංචිය .
හිටපු කොමසාරිස්වරිය මාරු කිරිම ගැන මිගමුවේ මාලිමාවේ ක්රියාකාරින් එක්ක කථා නොකරම මාලිමාවේ ගම්පහ ප්රධානින් කරල තිබුන වැඩේ ඇත්තටම අවුලක් කියන ප්රබල මතයක් මිගමුවේ ක්රියාකරින් අතර ගොඩනැගිලා.
මිගමුවේ වෙනසක් කරන්න මහන්සි වුන අයට කලකිරිමක් ඇතිවෙලා තියෙන එක තේරුම් ගන්න එක පහසුයි.
මේ මණ්ඩලේ කචල් එක මේ විදියට පත්තුවෙලා තියෙන කොට ලංසා විරෝධය දැවන්ත ලෙස සමාජ ගත කරන්න එදත් අදත් හෙටත් උත්සාහ ගැම්මෙන්ම වැඩකරන මාලිමාවේ සෑබෑ ක්රියාකාරින්ට කකුල් මාට්ටු දාන වැඩි බැරි ටාසන්ල ගැනත් පොඩි කසුකුසුවක් මිගමුවේ දේශපාලන සමාජයේ මේ වෙන කොට මතුවෙලා තියෙනවා .
මිගමුවේ මෑත ඉතිහාසයේ දැවැන්ත ජන නැගිටිම තමයි දින 100 ක් අඛණ්ඩ නගර සභාව ඉස්සරහ කරගෙන ගිය අරගලය.
මිගමුවේ ඇත්ත ජනතා ක්රියාකාරින් කව්ද කියල මිගමු ජනතාවට හොඳටම පෙනුන මේ අරගලය හින්ද.මිගමුවේ ඇත්ත ජනතාවාදි ක්රියාකාරින් කව්ද කියන එකත් රටම දැනගත්තේ මේ දින අරගලය තුලම තමයි.
මේකට ඇත්තට උර දුන්න අය කියන්නේ ඇත්ත චරිත මිසක් බොරුවට රඟන අය නෙමෙයි.
මේක ඇඟට ගන්නේ නැතුව මගඇරපු අය කව්ද කියලත් මිගමුවේ ජනතාව දැනගත්තා.
ඒ කාලේ දිනපතා අත්අඩංගුවට ගැනිම් සිද්ද වුනා. හොර බොරු නැතුව සල්ලි සතපහක් වත් ගන්නේ නැතුව මිගමුවේ මිනිස්සු වෙනුවෙන් කෙලින් හිටගත්තු ලොයර් තමයි අපේ චාමර.
අන්න ලොයර්ල.
මිගමුවේ විතරක් නෙමේ ගම්පහ උඩුගම්පල පැත්ත් අත්අඩංගුවට ගත්තු අය වෙනුවෙනුත් අතින් සල්ලි වියදම් කරන් ගිහින් පෙනි හිටියා.
හැබැයි මේ කැක්කුම තවත් අයට ඒ විදියටම තිබුනද කියන එකනම් සැකයි.
ඒ විතරක් නෙමෙයි ඇප අරන් දෙන්නම් කියල ලොකු ගණන් ගත්තු අය ගැනත් පීඩාවට පත් ජනතාව ඇවිත් අරගල භුමියේ හිටපු අයට කිව්ව.මේව හරියට තේරුම් ගන්න එක මිගමුවේ හෙට දවසට හරිම වැදගත්.