මාලිමාව දිනවිය යුත්තේ ඇයි?-සරත් ඉද්දමල්ගොඩ පියතුමා

0
199

 

  • සිදුකර ඇති සොරකම්, දුෂණ සහ නාස්තිකාර වියදම් නිසා.

අනුර කුමාර හෝ මාලිමාවේ කිසිවෙක් මුදල් හම්බ කරන්න බලාගෙන දේශපාලනය කරන්නේ නෑ. බාර් පර්මිට් ගන්න බලාගෙන, වැලි-පස්-කුඩු ජාවාරම් කරන්න බලාගෙන ඉන්න කව්රුත් එහි නැහැ. මාලිමාව අට සමත් අය පාර්ලිමේන්තුවට යවන්නේත් නැහැ. දැනට මහජන නියෝජිතයින් ලබන විශේෂ වරප්‍රසාද මාලිමාව යටතේ අහිමි වනවා. එම නිසා, මාලිමාව යටතේ සොරකම, දුෂණය සහ නාස්තිය අනිවාර්යෙන් නතර වනු ඇත. එමගින් රට තුල නව දේශපාලන සංස්කෘතියක් ඇතිවනවා නිසැකයි.

  • රට ගොඩ නැවත ගොඩ ගන්න නිසා.

විෂිශ්ඨයින්ගේ සහභාගිත්වය ඇතිව රට සැබෑ ලෙස නැවත ගොඩ ගැනීමට අවශ්‍ය දැක්ම, සැලසුම සහ හැකියාව ඇත්තේ මාලිමාවටයි. සංවර්ධනයේදී ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් වන ආහාර සුරක්ෂිතතාවය, සෞක්‍ය අධාපනය ආදියට ප්‍රමුඛතාවයක් ලැබෙනු ඇත.
යැපුම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් බිහි වේ. රටේ භූ හා ස්වභාවික සම්පත් වන මුහුද, ඛනිජ සහ සම්පත් කාලගුණය, සැලකිල්ලට ගන්නා අතර නව තාක්ෂණය අනිවාර්යෙන් උපයෝගී කර ගණු ඇත.
රටේ තරුණ පිරිස හවුල්වන ආකාරයට, අනාගත පරම්පරාවේ අවශ්ය ථාවයන් සැලකිල්ලට ගෙන ධීවරයින්, ගොවීන්, සුළු සහ මහා කර්මාන්ත කරුවන්ගේ දායකත්වයෙන් එවන් ආර්ථිකයක් ගොඩ නගනු ඇත. නව නිෂ්පාදනයන් අලෙවිය සදහා නව වෙලද පොළවල් සොයා යනු ඇත.
ආර්ථික දියුණුව පමණක් නොවේ. ජනතාවට ආධ්‍යාත්මික සහ සංස්කෘතික ප්‍රතිලාබ භුකති විදීමට අවස්තාව සපයනු ඇත.
සංවර්ධන ක්‍රියාවලියේදී පරිසර සාධකයන් අනිවර්යෙන් සැලකිල්ලට ගණු ලැබේ.

  • ජාතික සමගිය අවශ්‍ය නිසා.

සියලු ජන කොටස් වල අණන්‍යතාවයන්ට හා අයිතීන්වලට ගරු කරමින් ආරක්ෂා කරනු ලැබේ. සියලු ශ්‍රී ලාංකික ජන කොටස් අතර සුහදතාවය සහ සහජීවනය වර්ධනය සදහා ක්‍රියාකරනු ලැබේ. ජාතිවාදය හා යුධය නිසා අහිමිවූ සියලු අයිතිවාසිකම් සංවාදය තුලින් විසදනු ලැබේ. පාලනය සදහා සියලු ජන කොටස් හවුල් කර ගනු ලැබේ.

  • මාලිමාව මහජන ව්‍යාපාරයක් නිසා.

මාලිමාව බලය ඉල්ලන පක්ෂයක් පමණක් නොවේ. එය මහජන වියාපාරයකි. එහි දේශපාලනය තීන්දු කරන්නේ පවුලක් විසින් නොවේ. සැබැ ප්‍රජාතන්ත්‍රික පාලන ක්‍රමයක් හදුන්වා දෙනු ඇත. යටි තලයේ සිට ජනතා සහභාගිත්වයකින් තීන්දු ගැනිමේ ක්‍රියාවලියක් දැන් සිටම ගොඩනැගෙමින් පවතී. එමගින් විනාශවූ මනුෂ්‍යත්වය නැවත ගොඩ නගා නව මිනිසකු සහ නව උපතක් බිහි කරනු ඇත.

මාලිමාව විදේශ හා දේශීය ආයෝජකයින් ගෙන් කොමිස් මුදල් බලපොරොත්තු නොවන නිසා ඔවුන් නොබියව පැමිණෙනු ඇත. එයින් රැකියා උත්පාදනය ඇතිවේ. තරුණ ජීවිත සුරක්ෂිත වනු ඇත. අපේ රට ඉතා ඉක්මනින් ඉන්න හිතෙන රටක් බවට පත්වනු ඇත.

ඉහත කරුණු අවබෝධ කර ගතහොත් අලුත් ජවයක් ගෙන දේ. ජීවිත විනාශයට අද දැමු, සොරුන්ගෙන් සහ දුශිතයන් ගෙන් සමන්විත පක්ෂ පරාජය කර මාලිමාව දිනවිය යුත්තේ ඇයි කියන කාරනාව පැහැදිලි වූ විට, අලුත් ජවයකින් අප ඉදිරියේ අද ඇති අබියෝගයට මුහුණ දිය හැකි වනුය. එසේනම්, අපේ ප්‍රචාරක වැඩ නව ශක්තියකින්, ආත්ම විශ්වාසයකින් හා නිර්මාණශීලීව කල හැකි වනු ඇත.

(සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ ෆේස්බුක් පිටුවෙනි)