මාලිමාව සිය නගරාධිති අපේක්ෂකයා මාකට් කිරිමේ දැවැන්ත උත්සාහයක නිරතව සිටින බව පසුගිය දිනවල නිරික්ෂණය විය.
එහිදි ඔවුන් කියන්නට උත්සාහ ගනිමින් තිබුනේ ඔවුන්ගේ නගරාධිපති අපේක්ෂකයා සාධාරණත්වය වෙනුවෙන් අඛණ්ඩව සටන් කළ අයෙකු බවය.
මිගමු දේශපාලනයේ හැරවුම් ලක්ෂය ලකුණු කරන ලද සිදුවිම වි තිබුනේ දින 100කට වැඩි කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වු අරගලයයි.
මේ අරගලය වෙනුවෙන් අවංකව වෙහෙස මහන්සි වි කැපවුන අයෙකුට මාලිමාවේ මිගමු ලයිස්තුවේ සිටින්නේ සංගිත් පමණි.
ඒ කාලයේ ජවිපෙ කලේ අරගලය මඟහැර යමින් ජනසභා හැදිමයි.මිගමුවේ මාලිමාවේ නගරාධිපති අපේක්ෂකයා මිගමුව අරගලය වෙනුවෙන් කලේ කුමක්දැයි අපි ඔහුව උඩ දමන NPP ප්‍රචාරක කණ්ඩායමයෙන් දැනගනු කැමැත්තෙමු.
මාලිමාවේ මිගමුව කණ්ඩායම් නායකයාට අරගලය නිසා පොලිසි දඩයමට හසුවුවන් පිළිබද කරුණද තවත් එක් නඩු කටයුත්තක් මිස අන් කිසිවක් නොවේ.
අත්අඩංගුවට පත්වුවන් වෙනුවෙන් අඛණ්ඩවම පෙනි සිටි නිතිඥයා වුවේ චාමරය.
මේ ආකාරයෙන් මාලිමාව මේ වන විට අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව පෙනේ.කල් ඉකුත් වු පසු බඩු විකුනා ගැනිම අපහසු බව මේ අය තවමත් තෙරුම් ගෙන නැතුවා සේය.