මාස කිපයකින් මීගමුවේ කෝටිපතියන් වු ව්‍යාපාරිකයන් ගැන උකුසු ඇසට…

0
184

hummberපසුගිය වසර කිපය තුල ප්‍රකෝටිපතියන් වු මීගමුවේ අතලොස්සක් වු ව්‍යාපාරිකයන් පිරිසක් ගැන මේ දිනවල සමාජයේ විවෘත කථා බහක් ඇතිව තිබේ.
විශේෂයෙන්ම පසුගිය දිනක මීගමුවේදි අත්අඩංගුවට ගැණුන සිම්සන් නම් ව්‍යාපාරිකයාගේ සිදුවිමෙන් පසු මේ සංවාදය වඩාත් තිව්ර ලෙසින් සමාජයේ මතුවෙමින් තිබෙන අතරේ  මාස කිපයකින් කෝටි ප්‍රකෝටි පතියන් වු පිරිසක්ද මේ හේතුව නිසාවෙන් කලබලයට පත්ව ඇති බවටද ඉතා විශ්වාසදායක ලෙසින් තොරතුරු අනාවරණය වෙමින් තිබේ.
මේ නිසාම අතැම් ව්‍යාපාරිකයන් තමන් කිසිදු අයථා ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ නැතැයි සමාජය තුලින් මතයක් පතුරුවා හරින්නට විවිධ මං සොයමින් සිටින බවද  වාර්ථා වේ.
මේ ඇතමෙක් සතුව ඇති ධනස්කන්දය ගැන නිසි ලෙසින් ගණන් බලන්නේ නම් ඔබ සත්තකින්ම විමතියට පත්වනු ඇත.
අති සුපිරි හෝටල් පමණක් නොව අති සුපිරි ගණයේ වාහනද මේ අතර කැපි පෙනේ.
දහඩිය මහන්සියෙන් හමබ් නොකොට වංගු ගසා කෝටිපතියන් වු සියල්ල ගැන අදාල බලධාරින් වෙත දැනුම් දිමට විවිධ ආකාරයේ වු උත්සාහයන්ද දැනටමත් මීගමුව තුල ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here