මාස 2කක් සෞඛ්‍ය කාරක සභාවට නොපැමිණි සභාපති PHI ලාත් එක්ක පාසිකුඩා වැල්ලේ…..

0
198

DSC04145වසංගත තත්වයකට පත්ව තිබු ඩෙංගු රෝගයෙන් ලංකාවේම අංක 1 ට පැමිණි මීගමුව ඉන් මුදවාගැනිමට අදාලව ඇත්තේ කිසිවිටෙකත් නොනැවතිය යුතු අරගලයක නිරතවිමය.
ලක්ෂ 550 ක වැය කරමින් 17 දෙනෙකුට පමණක් බේත් කිරිමට පහසුකම් සලසාගත් සුපිරි ඩෙංගු වාට්ටුවක් දේශපාලකයන් ලවා තනාගැනිමට එහා ගිය අභියෝගයක් මීගමුවේ සැම වෙත අද පැවරි ඇත.
මේ වන විට මීගමුව පුරා ගොස් දුමායනය කළ උපකරණ අක්‍රිය තත්වයකට පත්ව ඇත.ඩෙංගු මර්ධනයට අදාලය තවත් බොහෝ දැ ක්‍රියාත්මක කරවාගැනිම සදහා පහසුකම් සලස්වාගත යුතුව ඇත.
නගර සභාව තුල මේවා ගැන සාකච්ජාකරගන්නා එකම සභාව වන්නේ සෞඛ්‍ය කාරක සභාවයි.එහි සභාපතිත්වය දරන්නේ දයාන් ලංසා නාගරික මන්ත්‍රිවරයා විසිනි.
එහෙත් වාර්තා වන අන්දමට ඔහු පසුගිය මාස දෙකෙදිම සෞඛ්‍ය කමිටුව කැදවා අවැසි දේ සැලසුම් කිරිමට අපොෙහාසත්ව ඇත. මාසික පැවැත්වෙන මුදල් කමිටුවේදි අවැසි ප්‍රතිපාදන අනුමත කරවා ගත හැක්කේ සෞඛ්‍ය කාරක සභාව මගින් එ්වා ඉදිරිපත් වන්නේ නම් පමණි.
මේ අනුව පසුගිය මාස 2කක කාලයකට මීගමුවට සෞඛ්‍ය කාරක සභාවක් නැති ගානය.
තතු එසේ වෙද්දි මේ කාරක සභාවේ සභාපතිවරයා 30 දෙනෙකුගෙන් යුත් නගර සභා සේවක පිරිසක්ද කැටුව නැගෙනහිරට ගොස් ඇත්තේ විනෝද චාරිකාවක් සදහාය.
සියළුම PHI වරුන්ද මේ ගොන්නට ඇතුළත්ය.
තම ඉදිරි නගරාධිපති සිහිනය සදහා දැන්මම අවැසි අයෝජන කරන්නට දයාන් මන්ත්‍රිවරයා ඉදිරිපත්ව ඇති සැටියකි. ඒ සදහා ඔහුට අයිතියක් ඇත.
එහෙත් ඩෙංගු වසංගත තත්වයකට මීගමුව යළි පත්කරලිමට ඔහුට කිසිදු අයිතියක් නැත.