මාළු ඉඩෝරය අවසන් ? ලෙල්ලමට බලයෝ , පොඩි බෝට්ටුවලට සාලයෝ හාල්මැස්සෝ සහ හුරුල්ලෝ.

0
4

කලක පටන් මිගමුවටත් දැඩි මාළු හිඟයක් පැවතුණි.පිටත්පළාත් වලින් මත්‍යස්‍ය තොග මිගමුවේ ලෙල්ලම් වලට පැමිණිම අඩුවුවා පමණක් නොව මිගමුවේ තෙප්පම් බෝට්ටු වලට  මාළු හිඟව පැවතුණි.

දැන් ක්‍රමයෙන් මේ තත්වය වෙනස් වෙන ලකුණු පටන් ගෙන ඇතැයි අපගේ ලෙල්ලම් ආරාංචි මාර්ග පසුගිය දිනවල පවසන්නට යෙදුණි.

පැවැති අයහපත් කාලගුණය නිසා මිගමුවේ කුඩා බෝට්ටුවලට පවා රැකියාවේ යෙදිම අවදානම් විය.

තත්වය තවමත් යහපත් අතට හැරි නැතත් මේ දිනවල ඔවුන් ගොඩ මුහුදේ මසුන් ඇල්ලිමට පටන් ගෙන තිබුණි

මේ දිනවල  හාල්මැස්සන්ද,හුරුල්ලන් සහ සාලයා  කුඩා බෝට්ටු ධිවරයන් විසින් ගොඩට ගෙන එන අයුරු අද පෙරවරුවේ දැකගත හැකිවිය.

මේ අතර පිටපළාත් වලින්ද මිගමුවේ ලෙල්ලම් වලට මාළු තොග පැමිණි ආරම්බ වි තිබේ.

අද දිනයේ මිගමුවේ පිටිපන ලෙල්ලම තුල බලයා කිලොවක මිල රු 500ක් වු අතර වැල්ලේ හුරුල්ලන් සාලයන් රු 200සිට 300දක්වා මිලකට අලෙවි වේ.