මාළු තොග පිටින් මීගමුවට! මිළ පහලට !

0
218

IMG-20191005-WA0016පසුගිය කාලය තුල මාළු තොග මිගමුවෙන් හෝ පිටපලාත් වලින් නොපැමිණි නිසා මාළු මිළ ඉතා ඉහල අගයක් ගෙන තිබුණි.
එහෙත් දැන් ඒ කාලය හමාර වි තිබේ.
මාළු තොග උතුරින් නැගෙනහිරෙන් මෙන්ම දකුණෙන් ද මේ දිනවල පැමිණෙමින් තිබේ.ඒ නිසාම විවිධ වර්ග වල මසුන්ගෙන් මේ දිනවල මාළුලෑලි පිරියමින් තිබේ.
එපමණක් නොව දැන් මිළද පහලට යමින් තිබේ.වෙනදා කිලෝවක් රුපියල් 400ක් පමණ වු ලින්නා පසුගිය දිනවල  අලෙවි වි තිබුනේ රු 180 ත් 220 ත් අතර  මිළකටය.මේ  සතියේද මාලු මිල පහල යාහැකි බව පිටිපන මාලු ලෙල්ලමේ මසුන් අලෙවි කිරිමේ යෙදෙන ව්‍යාපාරිකයෝ පවසා සිටිති.එසේ වුවද හුරුල්ලා සහ සාලය තවමත් පවතින්නේ ඉහල මිළකය.ඒ අනුව හුරුල්ලා රු 350ක් වු අතර සාලයා අද දිනයේ මිළ වි තිබුනේ රු 220 කි.පොදුවේ ගත්කළ අද දිනයේත් බහුලව ලැබි තිබුන මාළු තොගය වි තිබුනේ ලින්නන්ය.