මාළු දෙන්නෙක් මීගමුවට කළ හදියක් ?

0
235
කරවල වාඩි කඩාබිද දමා ඇති අයුරු මේ දිස්වන්නේ ඇමති ලංසාගේ ලගම ඥාතියෙකුගේ වාඩියකි.
දෙවියන් යදිමින් සිටින ධිවර කාන්තාවන්ට ඉවත්වන්නැයි පොලිසිය කියයි.
දෙවියන් යදිමින් සිටින ධිවර කාන්තාවන්ට ඉවත්වන්නැයි පොලිසිය කියයි.
කරවල නිෂ්පාදකයන් විසින් ගිනිතබන ලදැයි කියන ධීවර බෝට්ටුවක්
කරවල නිෂ්පාදකයන් විසින් ගිනිතබන ලදැයි කියන ධීවර බෝට්ටුවක්
දින 5 ක් තිස්සේ වසා දමා ඇති මාළු ලේලලම.ධිවරයන් මුහුදු නොයන නිසා මාළු නැත
දින 5 ක් තිස්සේ වසා දමා ඇති මාළු ලේලලම.ධිවරයන් මුහුදු නොයන නිසා මාළු නැත
කදුළු ගැස් නම් රෙඩිය. එත් කෝ විසදුම්? ධීවරයෝ අසති
කදුළු ගැස් නම් රෙඩිය. එත් කෝ විසදුම්? ධීවරයෝ අසති
වැල්ල ප්‍රදේශය හමුදාකරණය වෙමින් තිබේ
වැල්ල ප්‍රදේශය හමුදාකරණය වෙමින් තිබේ
කිසිවෙකුත් විසදුම් නොදෙන කළ දෙවියන් යදින ධීවර පවුල් සාමජිකාවන්
කිසිවෙකුත් විසදුම් නොදෙන කළ දෙවියන් යදින ධීවර පවුල් සාමජිකාවන්
ඊයේ රාත්‍රි සිට වැල්ලට වි විසදුමක් බලා සිටින ධිවරයන්
ඊයේ රාත්‍රි සිට වැල්ලට වි විසදුමක් බලා සිටින ධිවරයන්
කරවල වාඩි කඩාබිද දමා ඇති අයුරු මේ දිස්වන්නේ ඇමති ලංසාගේ ලගම ඥාතියෙකුගේ වාඩියකි.
කරවල වාඩි කඩාබිද දමා ඇති අයුරු මේ දිස්වන්නේ ඇමති ලංසාගේ ලගම ඥාතියෙකුගේ වාඩියකි.
කැරලි මර්ධ නිළධාරින් සීරුවෙන් තබා ඇත.
කැරලි මර්ධ නිළධාරින් සීරුවෙන් තබා ඇත.
වැල්ලට යන්නවත් එපා. පොලිසිය අණ කරයි.
වැල්ලට යන්නවත් එපා. පොලිසිය අණ කරයි.

මීගමුව වැල්ල යළිත් යුද සමය සිහියට නංවමින් තිබේ.ඒ තැන තැන විසිරි සිටින විශේෂ කාර්ය බලකා සෙබළුන් සහ අවිගත් යතුරු පැදි කරුවන් හැමතැනමය.
ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා වැල්ලිවිදයේ සහ කුඩාපාඩුවේ සුළු පන්න ධිවරයෝ වැල්ලට වි සිටිති.
ඒ දින 4 ක් පුරාවට ඇදි යන මේ ප්‍රශ්ණයට තිර විසදුමක් ලැබෙන තුරුය,
අදාල බලධාරින් සහ පාර්ශවයන් අතර වු එකඟතාවය බිදදමමින් ඊයේ රාත්‍රි 8 ට පමණ යළිත් මීගමුවට ගෙනවිත් තිබු ලින්නෝ මාළු රැගත් ලොරිය මේ ප්‍රශ්ණය තවත් බරපතල කරමින් දැන් ගම් දෙකක නොනවතින යුද්ධයක් බවට පත් කර තිබේ.
එපමණක් අද උදැසන පවා වැල්ලිදියේ සුළු ධිවරයන් සහ කුට්ටිදුවේ කරවල නිෂ්පාදකයන් අතර පොලිසිය සහ හමුදාව සිටියදිම ගැටුමක් ඇවිල ගොස් තිබේ.
ගල් පොලු පමණක් නොව බෝතල්ද පෙට්ට්‍රල් බෝම්බද මේ ගැටුමේදි යොදාගෙන ඇතැයි වාර්තා විය.
කෙසේ වෙතත් දැන් කොටුව පිට්ටනිය සහ වැල්ලට යනඑන පිරිස් මුළුමනින්ම සිමා කරමින් හමුදා ට්‍රක් රථ යොදවා පාරවල් හරස් කොට තිබේ.
හරියට අර්ධ ඇඳිරි නිති තත්වයක් ක්‍රියාත්මක තත්වයකි.
සුන්දර මීගමුව වැල්ල සැලැස්මකින් තොරව දේශපාලකයන්ගේ වාසි තකා කරවල නිෂ්පාදනයට ඉඩ හැරිමත් සමගින් මතුවෙමින් ආ ප්‍රශ්ණ ස්ථිර ලෙසින් විසදා ලන්නට කිසිදු දේශපාලකයෙකු කටයුතු කර තිබුනේ නැත.
අඩුම තරමින් ඊයේ පෙරවරුවේ පැවැති රැස්විමේදි පවා මේ පළාතේ ඇමතිවරුන් දෙදෙන සිටියේ පෙන පුප්පාගෙනය.
කෙසේ වෙතත් දැන්වත් මේ තත්වය ස්ථිර ලෙසින් විසදාලිමට බලධාරින් පියවර නොගන්නේ නම් ඇති විය හැක්කේ ඉතා අවසනාවන්ත තත්වයකි.
දකුණේ සිට මීගමුවට කරවල නිෂ්පාදන කටයුතු සදහා මීගමුව සුළු ධිවරයන්ගේ විරෝධය මැද ගෙන එන ලබන ලින්නා සහ පොතුබරියා දැන් මීගමුව වැල්ලට ගිනි තබා ඇත.
ඡායා-එම්.ඉසෙඩ් සහජාන්

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here