( 6.30 am ) මේ දිනවල මිගමුවේ දූව පිටිපන ලෙල්ලමට පිටපළාත්වලින් ලැබෙන මාළු තොග වල පැහැදිලි අඩුවක් දක්නට ලැබේ.
ඊයේ දිනයට සාපෙක්ෂව අද මාළු තොග පැමිණිම අඩුවි ඇති බව ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සීටි.
මේ අනුව මාළු මිළද ඉහලට ගොස් තිබේ.ඊයේ දිනයේ රු 400ත් 450ත් අතර අගයක පැවති බලයා කිලෝවක මිළ අද රු 500 දක්වා ඉහල ගොසිනි.
එමෙන්ම පසුගිය දිනවල ඉතා මිළක පැවැති සූඩයා මසුන් පවා අද කිලෝවක් රු 300ත් 350ත් අතර මිළකට අලෙවි වේ.
මේ පසුබිම තුල ඉදිරි උත්සව සමයේ මාළු මිළ ගණන් තවත් ඉහල යයිද කියන කුතුහලය පාරිභෝගිකයන් තුල පවති.