පසුගිය දිනවල පිටපළාත්වලින් මිගමුට එන මාළු සැපයුමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුන අතර මිළද ඉහල ගොස් තිබුණ බව දූව පිටිපන ලෙල්ලම් ව්‍යාපාරිකයෝ අප කළ විමසුමකදි කියා සිටියහ.
මේ අතර අද ලෙල්ලමේ තත්වය තරමක් වෙනස් වි තිබේ.පසුගිය දිනවල රු 550ක් වු සාලයා කිලෝවක් අද අලෙවි වන්නෙ රු 350කටය.එමෙන්ම සුඩයා කිලෝවක් රු 300කට අද මිළ නියමව තිබේ.
කෙසේ වෙතත් බලයා කෙලවල්ලා මිළ තවදුරටත් ඉහල අගයක පවති.
වෙනත් මාදැල් මාළු වර්ගවල මිළ ගණන් රු 400ත් 500ත් අතර මිළක පවති.