මා ඔයේ තිබී හමුවූ තරුණයාගේ මරණය තවමත් අභිරහසක් ? ……

0
113

කොච්චිකඬේ , දුම්රිය පාලම අසල මා ඔයේ තිබී පසුගිය අගෝස්තු 09 වැනි අගහරුවාදා දින සොයා ගන්නා ලද තරුණයාගේ මළ සිරුර භූමදානය කිරීම අගෝස්තු 11 වැනි දින කොච්චිකඬේ පළගතුරේ ග‍්‍රාමයේදී සිදු විය. මෙලෙස මිය ගිය තරුණයා පළගතුරේ ග‍්‍රාමයේ පදිංචි 25 හැවිරිදි සුපුන් ජයසංඛ වැලිකඩආරච්චි නැමැති අවිවාහක තැනැත්තෙකිි. වෙන්නප්පුව, දුම්මලදෙනිය ප‍්‍රාදේශීය ඉංජිනේරු කාර්්‍යාලයේ කාර්මික නිලධාරියෙකු ලෙස සේවය කරන කීර්ති වැලිකඩආරච්චි හා මීගමුව මහජන බැංකුවේ බැංකු නිලධාරීනියක වන සරෝජනී විජේසිංහ යුවලගේ පවුලේ  එකම දරුවා වූ සුපුන් ජයසංඛ වැලිකඩආරච්චි මිය යන විට කොළඹ, කොටහේන කොමර්ෂල් බැංකුවේ කණිෂ්ඨ විධායක සහයක නිලධාරියෙකු ලෙස සේවය කලේය.
මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න පිලිබදව මේ වන තුරු කරුණු අනාවරණය වී නොමැත. කෙසේ වෙතත් වාර්තා වන පරිදි ඔහු පසුගිය අගෝස්තු 08 වැනි සදුදදා දින උදෑසන සුපුරුදු ලෙස  තම සේවාස්ථානය කරා යන බව පවසමින් තම නිවසින් නික්ම ගොස් තිබේ. එදින රාතී‍්‍ර තම ඥාති විවාහ මංගල පී‍්‍රය සාදයකට සහභාගී වීමට ඔහු රාජකාරී නිමවා පැමිනෙන තෙක් මව සහ පියා ඇතුළු ඥාතීන් බලා සිට ඇත. එහෙත් ඔහුගේ පැමිණීම පමා වන විට ඔහුගේ සේවාස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දුන් අවස්ථාවේ උදෑසන ඔහු උදරයේ අබාධයක් යැයි කියමින් එදින රජකාරියට නොපැමිනෙන බවට දැනුම් දුන් බව සේවාස්ථානයෙන් පවුලේ අයට වැඩි දුරටත් පවසා තිබේ. මෙහිදී එශුගේ පවුලේ උදවිය ඔහුව දන්නා සෑම තැනකම පාහේ සොයා ඇත. ඉන් අනතුරුව පසු දින එනම් අගෝස්තු 09 වැනි අගහරුවාදා දින  මා ඔයේ වැලි ගොඩ දැමීමට බෝට්ටුවකින් ගමන් ගත් පුද්ගලයෙකුට මොහුගේ මළ සිරුර හමුවී ඇති අතර කොච්චිකඬේ , දුම්රිය පාලම අසල දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී ඔහු රාජකාරියට රැුගෙන යන අත් බෑගයත් සේවස්ථ හැදුනුම්පතත් හමු වී තිබේ. එහිදී මෙලෙස මිය ගොස් ඇත්තේ සුපුන් ජයසංඛ වැලිකඩආරච්චි බවට පවුලේ අය විසින් හදුනා ගෙන ඇත.
මිය ගිය සුපුන් ජයසංඛ තරුණ මහතා ඉතා හොP1090556 newද ආගමීක පසුබිමකින් හෙබි පවුල් පසුබිමක් යටතේ මව්පියන් ට කීකරුව ඉතා යහපත් ලෙස හැදී වැඩුනු අයෙක් බව ප‍්‍රදේශවාසීන් පවසයි. එලෙසම මනා අධ්‍යාපන තත්වයකින් හෙබි මේ තරුණයාට සිය දිවි නසා ගැනිමට තරම් ගැට`ඵවක් තම පවුල තුල හෝ තම සේවස්ථානය තුල දන්නා තරමින් නොතිබූ බවට ඥාතීන් හා අසල්වාසීන් පවසති.
ඒ නිසා මෙම තරුණයාගේ මරණය යම් ආකාරයක සැක කටයුතු සිද්ධියක් බවට අසල්වාසීන් අනුමාන කරයි. මොහු එදින උදෑසන රාජකාරියට යනවා යැයි කියමින් නිවසින් නික්ම තම සේවාස්ථානයට නොගියේ ඇයි දැයි යන්න ගැට`ඵකාරී තත්වයක් බවද ඇතැම් අය පවසති.
එමෙන්ම පවතින මෙම තත්වය මත මීගමුව හදිසි මරණ පරීක්ෂකවරයාද විවෘත ප‍්‍රකාශයක් මත මළ සිරුර භූමදානයට අවසර ලබා දී තිබෙන අතර මරණ පරීක්ෂන වාර්තාව නිකුත් කිරීමට තවත් සාක්ෂි එකතු කර ගත යුතු බවට ඔහු පවසා තිබේ. එලෙසම මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් නිලධාරීන් පිරිසක් වගකිය යුතු අදාල පාර්ශවයන්ගෙන් ප‍්‍රශ්න කරමින් මෙම මරණය සම්බන්ධයෙන් පු`ඵල් විමර්ශනයක් සිදු කරන බවද වාර්තා වේ.