මා ඔය ආසන්නයේ පාරිසරික භූමියක් විනාශ කිරීමේ කුරුමානමක් ?

0
440

DSC_1006 (12.50 pm) මීගමුව  කොච්චිකඩේ   පල්ලන්සේන  ප්‍රදේශයේ  පිහිටා ඇති අක්කර දහයකට  වැඩි  බිම් කඩක්   ගොඩකිරීම  සඳහා  කටයුතු  සිදුවෙමින්  පවතින වාර්තා වේ.
මෙම  ප්‍රදේශය  පිහිටා  ඇත්තේ එක  පැත්තකින්   මාඔයත් ඔ්විටියාවත්තත්   :මීගමුව  මහ නගරසභාව  විසින්  කසල  ගෙනගොස්  දමන  ස්ථානය –  සහ  ලක්ෂ්මන්  ජයසිංහ  යන නමින්  හැඳින්වෙන පාරටද  මායිම්වය.
මෑතක  මෙහි  ඇති  මෙම  ලක්ෂ්මන් ජයසිංහ  නම්වූ  පාරට  නගරසභාවෙන්  තාරද  දමා  ඇත.    කඩා  ඉවත්කරන ලද  ගල්  කැබලි  සහිත  පස්  ගොඩවල්  තැනින්  තැන  දමා  තිඛෙන අතර   බැකෝ  යන්ත්‍ර  දෙකක්ද  නතරකර  තිබින. මෙය  කඩොලාන  ශාඛ ඇතුළු  විවිධ  වර්ගයේ  ගස්  සහ  වැල් වලින්  පිරුනු  වන  පියසකි. තෙත් බිමකි.  මෙහි  ඉත්තෑවන් ,  හාවුන්,  වඳුරන්,  මොනරුන්,    මුගටින්,    ඉබ්බන්  වැනි  සතුන්ද  විවිධ  ජලජ  ජීවීන්ද  වසන  අතර  කුඩා සහ  ලොකු   දිය  කඩිතිද  තැනින්තැන  දක්නට  තිබින.  විවිධ  වර්ගයේ  පක්ෂීන්    පමණක්  නොව  සංක්‍රමණික  පක්ෂීන්ද  මෙහි  ගැවසෙන බව  ප්‍රදේශවාසියෙකු  අප  සමඟ  පැවසීය.

එක  පැත්තකින්   සිත්ගන්නා  සුළු  ස්ථානයක්  වුවද  තවත්  පැත්තකින්  විවිධ  අපද්‍රව්‍ය  දැමීම  සඳහා  තෝරාගත්  තැනක් වී  ඇති  හෙයින්   නිතර  දුර්ගන්ධයෙන්  යුක්තය.  කෙසේ  නමුත්,  මෙකී  ස්ථානයට  නඩුවක්  දමා  ඇති  බවත්  එම  නඩුවේ  ,  මෙම  භූමියේ  අයිකරුවෙකු  යැයි  කියන  අයෙකු  මිය  ගොස්  ඇතැයිද  ඉන්පසුව  මෙම  ගොඩකිරීමේ  කටයුතු  ආරම්භ වී ඇතිබවද    අපට  අසන්නට  ලැබුනු  තොරතුරු  අනුව  ප්‍රකාශිතවේ.  උදේ  වරුවේදී   මෙහි  ගමන්කළ  හැකි වුවද  සවස්  වරුවේදී   මුළු  භූමියම මා ඔයෙන් එන   වතුරෙන්  යටවේ.  ඒ  නිසා  යම්  ආකාරයකින්   ගොඩ කළ  හොත්  තමන්ගේ  නිවාස  යටවන බව  ප්‍රදේශවාසීන්  පවසති.

DSC_0984

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here