මැංගුස්ටීන් වලින් MH 370 අභිරහස හෙලි වේද ?

0
52

MH370 යානය මේ වනවිට සියලදෙනා තුළ  අභිරහසක් ඉතිරි කර තිබේ. යානය පිලිබඳ මැලේසියානු පොලිස් බලධාරීන් ගේ පරීක්ෂණ  විවිධ පැතිකඩවල් හා  විවිධ මානයන් හරහා සිදුකෙරෙයි. ඊයේ  (02) වනදා  මැලේසියානු පොලිස් බලධාරියෙකු වන අබු බකාර් පවසා තිබුනේ  යානය තුළ මැංගුස්ටීන් ටොන් 3-4ක් අතර ප්‍රමාණයක් තිබී ඇති බවයි.
මෙම මැංගුස්ටීන් තොගය නෙලූ පුද්ගලයාගේ සිට පාර්සල් කළ පුද්ගලයා දක්වාත් යානයට පැටවීම සිදුකළ ආකාරය හා කවුරුන්ද යන්නත් චීනයේදී මෙම මැංගුස්ටීන් ලබාගැනීමට නියමිතව සිටි පුද්ගලයා දක්වා පරීක්ෂණ කළ යුතුව ඇති බවට ඔහු සදහන් කර ඇත.

පෙර වතාවකදී  යානයේ තිබූ ලිතියම් යකඩ බැට්රි 200ක් පිළිබඳව අවධානයට යොමුවූයේ ඒවා ගුවන් තරණයේදී ඇවිලීමට හා විනාශයක් ගෙනදිය හැකි ද්‍රව්‍යයක් හේතුවෙනි.  පසුව එය ඇසුරුම් කරන ලද්දේ  ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව බව  අනාවරණය විය.
41c06e6e7f6f0e9b1005b323cc0abaa9
කෙසේ වුවත් මෙම යානයේ අභිරහස කවාදාවත් නොවිසදෙනු ඇති බව අතැමුන්ගේ මතයයි. නමුත්  මේ වෙනුවෙන්  විමර්ශනයන් සිදුකරන පුද්ගලයන් සෑම හෝඩුවාවක් මතින්ම ඉදිරයට යාමට උත්සාහ දරයි.