සම්පායෝගේ අත්අඩංගුවට ගැනිමේ නාටකයක කදිමක අධ්‍යක්ෂණය කොට තිබුණ මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක හට මේ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ තුවක්කුවද තාමත් හොයාගන්නට බැරිවි තිබේ.
ඒ පිළිබද මැක්ස්ගේ අයිතිකරු වන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් මිගමුව මුලස්ථාන පොලිස් පරික්ක හට බරපතල චෝදනාවක් එල්ල කර තිබුනේ ඔහු නිතිය හරියට ක්‍රියාත්මක නොකරන බව කියමිනි.
කෙසේ වෙතත් පොලිසියේ ඇතැමුන්ගේ පාක්ෂික භාවයන් නිසා මෙන්ම දේශපාලකයන් මෙන්ම දුෂිත නිලධාරින්ගේද අමන වැඩ නිසා සැබැවින්ම පිඩා විදින්නේ දුප්පත් ජනයාය.
ක්ලෙමන්ට් යනු නිතිය දන්නා විශ්‍රාමික පොලිස් නිළධාරියෙකු වුවද ඔහු සිය ඉඩමයට යැමට නිතිය නමමින් දැන් අනවසර පාලමක් දෙපා ඇල නම් වු ප්‍රධාන ඇල මාර්ගයක් හරහා ඉදිකර තිබේ.
මේ අනවසර පාලම නිසාම වැසි වැටෙන සෑම දිනයකම පෙරියමුල්ලේ පුවක් වත්ත ප්‍රදේශයේ නිවෙස් ජලයෙන් යටවි යයි.
ඊයේ රාත්‍රියේදි පුවක් වත්තේ පමණක් නිවාස 25 කට වැඩි ප්‍රමාණයක් මෙසේ ජලයෙන් යටවි තිබුණි.
එයට හේතුවන වන්නේ විශ්‍රාමික පොලිස් අධිකාරිගේ අනවසර පාලම් ඉදිකිරිම නිසාය.
පාලත් පාලන නිතියට අනුව කිසිදු අවසරයක් ලබානොගෙන ගමක් පිඩාවට පත්කරමින් අනවසර පාලමක් රුපියල් මිලියන ගණනක් වැයකරමින් ඉදිකරමින් සිටින්නේ මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින් වාචික අනුමැතියක් ලබාදි තිබුන නිසා බව ආදාල විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ බිරිඳ වන සුබා නැමැත්තිය පසුගිය 27 වෙනිදා මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණි.
ඇය තවදුරටත් කියා සිටියේ තාක්ෂණික නිළධාරි රන්මුතු නැමැත්තාද මේසේ පාලම හදාගන්නට යැයි ඔවුන් කියා සිටි බවය.
මේ අනුව බලන කළ පාලන නිතිය මෙන්ම රටේ අනුකුත් නිතිද දැන් පැත්තට ගොස් ලංසා පවුලේ නිතිය මිගමුවේ නිතිය බවට පත්ව ඇති සෙයකි.
එය වඩාත් පැහැදිලි වන්නේ පසුගිය27 වනදා එහි පැමිණි ප්‍රදේශය භාර තාක්ෂණික නිළධාරිණිය අදාල ඉඩම් හිමිකාරිය හමුවේ මාධ්‍ය පවා සිටියදි කියා සිටි කරුණු සැලකිල්ලට ගැනිමේදිය.
ඒ ඇය කියා සිටියේ මෙවැන් පාලමක් ඇලක් හරහා පුද්ගලික ඉඩමකට යැම වෙනුවෙන් තැනිමට කිසිදු අවසරයක් නගර සභාවෙන් ගෙන නොමැති බවය.
ඒ ප්‍රකාශයත් සමගින් මිගමුවට නිති 2 කක් ඇති බව මොනවට පැහැදිලි වේ.
එකක් පළාත් පාලන නිතියයි. අනික ලංසා පවුලේ නීතියයි.
මෙයට අමතරව මිගමුව පොලිසිටය අනුයුක්තව පරිසර පොලිස් අංශයක්ද තිබේ.
මේ නිලධාරින්ටද ගම්වාසින් විසින් අවස්ථා ගණනාවකදි පැමිණිලි කර තිබුණද ඔවුන් මේ දැවැන්ත නිතිවිරෝධි කටයුත්තට එරෙහිව කිසිදු පියවරක් ගෙන තිබුනේ නැත.
ඉතින් මෙවැනි පරිසර පොලිසියක් කුමකටද ?
ගම්වාසින්ගේ දැන් එකම ඉල්ලිම වන්නේ පාලම යට ඇති කණු ඉවත් කොට නිසි ලෙසින් වතුර බැස යාමට කටයුතු සලසා දෙන ලෙසය.
පවතින උණුසුම් තත්වය හමුවේ නගර සභා සේවකයන් කිප දෙනෙකු එම ස්ථානයට පැමිණ සිටියද පසුව ඒ අයට නගරාධිපති දයාන් ලංසාගේන් උපදෙස් ලැබි ඇත්තේ කණු ගලවා ඉවත් නොකරන ලෙස බව ගම්වාසින් පවසා සිටිති. මේ නිසා එකි නගර සභා සේවයකයන්ද ආපසු ගොස් තිබේ.
කෙසේ වෙතත් නිසි පිළිතුරු නොලැබෙන්නේ නම් දරුමල්ලන් සමගින් හෙට දිනයේ පාරට බැස උද්ඝෝෂණය කරන බව ගම්වැසියො කියා සිටිති