මැක්ස් ඝාතන නඩුවට අදාල ලිට්මස් පරික්ෂණයෙන් මිගමු පොලිසිය අසමත් වෙයි ?

0
88

IMG_20200507_072218මැක්ස්ට සාධාරණය ඉටුකරන ලෙස රටපුරා විවිධ සමාජ කණ්ඩායම් මේ වන විට පෙළගැසෙමින් සිටිති. මේ බහුතරයක්ගේ විරෝධයේ තරම  සමාජය මාධ්‍ය තුලට එබි බැලිමෙන් ඔබට තේරුම් යනු ඇත.
මේ වන විට ක්ලෙමන්ට් ප්‍රනාන්දු  වටා ඇති සිය වෘත්තිය ජිවිතයත් සමාජය ජිවිතයත් දැඩි විවේචනයකට ලක්කරමින් දැවැන්ත සමාජ මාධ්‍ය විරෝධයක් නිර්මාණය වෙමින් තිබේ. පොලිසිය සම්බන්දයෙන්  මෑත ඉතිහාසය තුල රටේ වැඩිම කථා බහට ලක්වු සිදුවිම බවට මෙය දැන් පත්ව තිබේ.
ඉන් කියැවෙන එක් සත්‍යයක් තිබේ.
මේ නිසාම අපත් කල්පනා කලේ කිසිවෙකුටත් දැන් වෙට්ටු දමා ඩීල් දමා ඝාතකයා බේරාගැනිමට නොහැකි විය හැකි බවය.
එහෙත් ඇත්ත නම් මිගමුව පොලිසිය දැනටමත් වෙට්ටු පටන් ගෙන ඇති බවය.
ඒ නිසාම මිගමු පොලිසියේ සිය යුක්තිගරුක බව අපක්ෂපාත බව පෙන්වනු ලබන නවතම ලිට්මස් පරික්ෂණය වනු ඇත්තේ මෙය යැයි අප මිට දින කිපයකට ඉහතදි මෙම වෙබ් අඩවියේම සටහන් කළෙමු.
මැක්ස්ට වෙඩි තැබුවේ කව්දැයි දැන් පොඩි එකෙකු පවා දනි. එහෙත් අපට ඇති ගැටලුව වන්නේ කටුක ඇත්ත මෙරට ගරු අධිකරණයත් දැන සිටියා ද යන කරුණයි.
අප එදා සැක කළ අයුරින්ම මිගමුව පොලිසිය අධිකරණයත් නොමග යවා ඇති අන්දම ගැන මේ නඩුව වෙනුවෙන් පෙනි සිටි නිතිඥ අසාන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ඊයේ කියා තිබුණි.

මැක්ස් ඝාතනය වන හැටි ගැන විද්‍යාත්මක සාක්ෂි (වීඩියෝ සාක්ෂි ) එසේ තිබියදි සැකකරුව අධිකරණයට ඉදිරිපත්රකිරීමේ දී  ඊට ඇදුන ගිණි අවියක් ගැන කියන්නට මිගමුව පොලිසියට බැරිවෙන්නට ඇත්තේ ඇයිදැයි දැන් පැහැදිලිය.
බ්‍රිටෝ විසින් ඊයේ මාධ්‍ය හමුවේ කියා සිටියේ පසුගිය දිනක ඔවුන් හමුවු අවස්ථාවේ මිගමුව මුල්ස්ථාන පොලිස් පරික්ෂණ වුඩ්ලර් මහතා ගිනි අවිය ඉදිරිපත් කරනවා යැයි සැර දමා කියපු අයුරු ගැනය. max6Max 8එහෙත් මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක කියපු දේ නොකරපු අයෙකු ලෙසින් දැන් ගරු අධිකරණය ඉදිරියේදිම ඔප්පු වි හමාරය.
මේ අනුව මුලස්ථාන පොලිස් පරික්ෂක මෙන්ම මිගමුව පොලිසියද මේ ඝාතන නඩුවට අදාල දැනට නිමිති වු අධිකරණමය අවස්ථාවන් දෙකකදිම සැබැවින්ම රගපැමක යෙදි ඇති බව ඉතා පැහැදිලිය.
ඒ ගැන නිතිඥ අසාන් මෙන්ම බ්‍රිටෝ ප්‍රනාන්දුද මාධ්‍ය හමුවේ වඩාත් නිවරදිව ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව අපට කියන්නට ඇත්තේ මිගමුව පොලිසිය ලිට්මස් පරික්ෂණයෙන් ෆේල් කියාය.