මැක්ස් ඝාතන පරික්ෂණ වාර්ථා පොලිසිය අද අධිකරණයට ඉදිරිපත් කරයිද ?

0
81

IMG_20200507_071741පසුගිය වෙසක් පෝදා (07) වෙඩි තබා ඝාතනය කළ මැක්ස් නම් සුරතල් සුනඛකයාගේ   ඝාතනය සම්බන්ධයෙන් නඩු වීභාගය අද මීගමුවේ මහේස්ත්‍රාත් අධිකරණයේදී  පැවැත්වීමට නියමිතය. මෙම ඝාතනයේ සැකකරු ක්ලෙමන්ට් ප්‍රනාන්දුගේ ඇප  මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 26 වනදා අහෝසිකරන ලදී.  මෙම අපරාධය සිදුකරන ආකාරය පිළිබදව වීඩියෝ සාක්ෂි ද තිබියදීත් මෙම පුද්ගලයාට ඇප ලබාදී තිබීම කිසිසේත් සාධාරණ නොමැති බවත් ඒ සදහා පාවිච්චි කළ අවිය මෙතෙක් සොයාගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් මැක්ස් වෙනුවෙන්  ඉදිරිපත්වන නීතිඥ මහතා විසින් මීගමුව පොලීසියට චෝදනා කරන ලදී. ඒ අනුව අධිකරණය විසින් මෙම ඝාතනයේ පරීක්ෂන  සහකාර පොලිස් අධිකාරවරයෙකු යටතේ සිදුකර එම පරීක්ෂණ වාර්තා සියල්ල අධිකරනය වෙත ඉදිරිපත් කරන ලෙස මීගමුව පොලීසියට නියෝග කරන ලදී.
ඒ අනුව අද දිනයේදී පැවැත්වීමට  මැක්ස් ඝාතනය සම්බන්ධ තවත්  නඩු වාරයක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිය. ඉදිරිපත් කළ යුතුයැයි අධිකරණය විසින් නියෝග දි ඇති සියළු වාර්ථා ඉදිරිපත් කිරිමට අදවත් පොලිසියට හැකිවෙයිද ?
ඒ අනුව මැක්ස් ඝාතන චෝදනා ලැබු විශ්‍රාමික පොලිස් අධිකාරි ක්ලෙමන්ට්ව තවදුරටත් ඇතුලට යවයිද ???