මැච් එක දිනන ලකුණු පෙනෙද්දි නෝබෝල් දාන්න පටන්ගත්තු සජිත් ?

0
101

සැබැවින් දකුණේ බහුතර බලය හිමිව තිබෙන්නේ පොහොට්ටුව වෙතය.මේ තත්වයේ තිරාණාත්මක වෙනසක් සදහා දකුණ සොලවා ගන්නට හංස පෙරමුණට අද අපහසුවි ඇත්තේ විශේෂයෙන්ම බහුතරයක් එජාප ආසන සංවිධායකයන් සිය ආසන තුල නිසි ලෙසින් සිය මැතිවරණ කටයුතු සිදුනොකර තිබිමය.
මේ ඇතැමෙකු පවසන්නේ තම ආසනයේ කටයුතු කරගෙන යාමට තරම් මුදලක් ලැබි නොතිබෙන බවය. මේ අය  සැබැවින්ම ජනාධිපති මැතිවරණයට ලොකුවට මුදල් වැය කිරිමට සුදානමක් නැත්තේ එළඹෙන මහ මැතිවරණය සදහා මුදල් වැය කිරිමට  තිබෙන බැවිනි.
මේ පසුබිම තුල දැන් මතුව ඇත්තේ වෙනස්ම තත්වයකි.
තතු එසේ වුවද අගමැති වරයාගේ මැදිහත්විමෙන් පසුව උතුරේත් නැගෙනහිරත් මුළු මනින්ම සහය හංස පෙරමුණට ලැබිමත් සමගින් මැච් එක සැබැවින්ම ජයගන්නා එකක් බවට පත්විය.sajith
එහෙත් අද හංස පෙරමුණේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස විසින් කරන්නට යෙදුන නව අගමැතිවරයෙකු පත්කරනවා යන ප්‍රකාශයත් සමගින් තරගය වෙනස්ම මගක් ගන්නට ඉඩඇත්තේ පිට පිට අවසන් ඕවරයේ නෝබෝල් වැටෙන්න නියමිතද යන සැකයත් සමගින්ය.
ඇතැමෙකු ඒ ගැන විග්‍රහ කරමින් සිටින්නේ සජිත් ප්‍රේමදාස කිසියම් අර්බුදයක පැටලි ඇති බවත් මේ මුදල් ගෙවා නාලිකා හරහා විසුරුවා හරින ලද විශේෂ ප්‍රකාශයෙන් පැහැදිලි වන බවය.
ඒ හැරවුම පිටුපස සැබැවින්ම සිටින්නේ කව්ද ?ජනපති සිරිසේනද? එසේත් නැතිනම් චන්ද්‍රිකාද ? එසේත් නැති නම් වෙන කව්ද ?.
ජනපති සිරිසේනටද මැතිවරණයට පෙර තවත් සිකුරාදාවල් 2 කක් ඉතිරිව තිබේ.