එමෙන්ම ඊයේ මැදියම් රැයේ අරලිය ගහ මන්දිරයේදි පැවති පුවත් සාකච්ජාවේදි ප්‍රකාශ කෙරුණ ආකාරයට ජනපති සිරිසේනගේ මේ අනිතික තින්දුවට එරෙහිව එක්සත් ජාතික පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සුදානම්ය.
එමෙන්ම ජවිපෙ පවා එසේ කරන්නට යන බව වාර්ථාවේ.
මේ අනුව ජනපති සිරිසේනගේ මේ තින්දුව අධිකරණය තුල අභියෝගයකට ලක්කිරිමට මෙසේ පෙරමුණු කිපයක දැවැන්ත සටනක් දියත් වෙමින් තිබේ.
කෙසේ වෙතත් මේ සියල්ල එසේ තිබියදි නිතිය පවා නොසලකා හරිමින් ජනපති සිරිසේන මැතිවරණයකට යන්නේ නම් ඉන්පසුව මතුව එන එක් ප්‍රධාන ගැටළුවක් වන්නේ ඒ ඒ ආසන වලින් ඉදිරිපත් වන අපෙක්ෂකයන් පිළිබදවය.
මිගමුවේදි දැන් මෙය දැවැන්ත අර්බුදයක් නිර්මාණය කර තිබන්නේ පොහොට්ටු අපෙක්ෂකයා පිළිබදවය.
එනම් මහින්ද රාජපක්ෂට ඉතා සමිප සරත් ගුණරත්න ද නැතිනම් බැසිල් රාජපක්ෂගේ තේරිම වන ලංසා පවුලේ අයෙක්ද යන්නයි.
මිගමුව නගරාධිපති දයාන් ලංසා සිය සමිපතයන් හට පවසා ඇත්තේ තමන් මිගමුවේ අපෙක්ෂකයා වන බවය.
ලංසා සරත් ගැටුම මිගමුව දේශපාලනය තුල දැනටමත් අර්බුදයක්ව පවතින සමයකදි එය හෙට දිනයේ තවත් වර්ධනය වි පුපුරා යාමට නියමිත කාල බෝම්බයක් වැනිය.