මැතිවරණයේදි අප ගතුයුතු මග දැනගන්න බදුල්ලට එන්න…

0
101

PFF Badulla ඌව මැතිවරණයේදි අප ගත යුතු මග කුමක්ද යන තේමාව මුල්කොටගෙන විරැද්ධ පක්ෂයේ ප්‍රධානින් සහ සිවිල් සාමාජ නායකයින්  සහභාගි වන සම්මන්ත්‍රණ මාලාවක් නිදහසේ වේදිකාව විසින් සංවිධානය කොට ඇත.
මෙහි පළමු සම්මන්ත්‍රණය සැප් 07 වනදා උදේ 10ට පස්සර ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදි පැවැත්වේ.
ඉන් අනතරුව බිබිල නගරයේදි එදිනම සවස 3 දෙවැනි සම්මන්ත්‍රණය පැවැත්වෙනු ඇත.
ඌව  එජාප මහ ඇමති අපේක්ෂකද ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයන් සහ සිවිල් සාමාජ ක්‍රියාධරයන් අමතන සම්මන්ත්‍රණයක් සැප් 08 වනදා උදේ 9.30 ට බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේදි පැවැත්වේ.එදිනම සවස්වරුවේදිද මෙවැනිම සම්මන්ත්‍රණයක් හාලි ඇලදිද පැවැත්වෙන බව නිදහසේ වේදිකාවේ සම්බන්ධිකාරක පිලිප් දිසානායක මහතා පවසයි.
මේ සියළුම සම්මන්ත්‍රණ වලදි ප්‍රවින ශායන ශිල්පි ජයතිලක බණ්ඩාරගේ බියෙන් අත්මිදෙමු ගීත ප්‍රසංගයද පැවැත්වෙනු ඇත.