මැතිවරණ නීති කඩන නිමල් ලංසා ගැන මීගමුව පොලිසිය නිහඩයි! රොයිස් විජිතගෙන් චෝදනාවක් !

0
119

dalupotha meeting 1මීගමුව පොලිසිය මීගමුව තුල සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට අසමත් බව දැන් ඉතා පැහැදිලිවෙමින් තිබේ.
එනම් මැතිවරණ නිරික්ෂණ සංවිධාන විසින් පුවත් පත් සාකච්ජාවක් පවා තබමින් රටට හෙළි කල මැතිවරණ නීති අමු අමුවේ කඩන පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසාගේ එකම වැරැද්දකටවත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට මීගමුව පොලිසිය ට නොහැකිව තිබේ.
තතු එසේව තිබියදි එජාපය විසින් පළකර ඇතැයි කියන පත්‍රිකාවක් පිළිබදව මහත් උනන්දුවකින් යුතුව මීගමුව පොලිසිය දැන් ක්‍රියාත්මකව ඇති බව පෙනේ.
ඒ අදාල පත්‍රිකාව මුද්‍රණය කරන ලදැයි කියන මුද්‍රණාල හිමිකරුවාවද නිතිය හමුවට ගෙන එමිනි.
මේ පිළිබදව 2018 ජනවාරි 31 වනදා රාත්‍රියේ දළුපතදි පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියකදි මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත අදහස් දක්වමින් කියා සිටියේ මීගමුව පොලිසියට නිමල් ලංසා විසින් මහදවාලේ එළිපිටම කඩන මැතිවරණ නීති ගැන කිසිදු වගක් නැති බවය..
මුදලට හෝ වෙනත් කිසිදු සංග්‍රහක් නිසා ඒවා වහල් වි සාධාරණ මැතිවරණයක් පැවැත්විමට ඇත ඉඩකඩ වනසා ලිටම කටයුතු නොකරන ලෙසය.
රාජ්‍ය ලාංඡනය යෙදු මෝටර් රථයක් නිමල් ලංසා විසින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යොදවා තිබියදි මැතිවරණ නිරික්ෂකයන් හා මැතිවරණ කොමිසම දක්වා ගිය පැමිණිල්ලක් ලෙස මේ ගැන වහාම ක්‍රියාත්මක වන්නට යැයි කියමින් අදාල බලධාරින් විසින් මීගමුව කරන ලද නියෝගය අදටත් ක්‍රියාත්මක කරන්නට මැතිවරණ කටයුතු භාර දිසානායක මහතා අපොහොසත්ය.
මේ ගැන අප ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ අදාල මෝටර් රථය ගැන සියළු විස්තර ඔහු විසින් මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාට ලබාදි ඇති බවය.
අප විසිස් මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ තමන් ඒ ගැන දන්නේ නැති බවය.
දැන් අපට මතුවෙන් ප්‍රශ්ණය වන්නේ රාජ්‍ය දෙපලක් පැහැදිලි ලෙසම අවභාවිතා කර  තිබියදි ඒ ගැන හංගා අදාල වැරදි කරුවෙන් නිදොස් කිරිමට කව්රුන් හෝ පොලිස් නිළධාරියෙක් කටයුතු කරමින් සිටින බවය.

Save