මැතිවරණ නීති කැඩු දේශපාලකයන් නිසා ජාඇල OIC ට මාරුවක්!

0
78

policeමැතිවරණ කොමිසමේ මැදිහත්විමකින් ජාඇල පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක වහාම ක්‍රියාත්මක වෙන පරිදි මාරුකොට තිබේ.වාර්තා වන අන්දමට සුදර්ණි ප්‍රනාන්දුපුල්ලේ ,නිමල් ලංසා සහ ලසන්ත අලගියවන්න යන දේශපාලකයන් විසින් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෙළපාලි යැමට කටයුතු කර තිබිමත් එය සමාජ මාධ්‍ය ඔස්සේ සජිවිව ප්‍රචාර කරමින් තිබියදි කරන්නට යෙදි ඇති පැමිණිලි කිපයක් හේතුවෙන් මැතිවරණ කොමිසම කරන ලද මැදිහත්විමක් නිසා පොලිස් කොමිසම මේ තීරණය ගෙන ඇත.විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂ දේශපාලකයන් මැතිවරණ නීති උල්ලංඝණය කිරිමේදි පොලිසියද ඇතුලුව ඇතැම් රාජ්‍ය නිළධාරීන් දේශපාලකයන්ගේ පැත්ත ගෙන කටයුතු කිරිම මිගමුවේ ද සිදුවෙමින් තිබේ.පසුගිය මැතිවරණ වලදි මිගමු පොලිසිය පිලිබදවද පැමිණිලි ගණනාවක්ම මැතිවරණ නිරික්ෂකයන් විසින් සිදුකර තිබුණි.විශේෂයෙන්ම මිගමුවේ නාගරික කොමසාරිස්වරියගේ පක්ෂග්‍රාහී ක්‍රියාකාරිත්වයට එරෙහිව ඉහලින්ම තින්දු ගන්නා තත්වයක්ද දැන් මතුව තිබේ.එබැවින් තරාතිරම නොබලා නීතියට පිටින් කටයුතු කරන සියලු දෙනාට එරෙහිව පුරවැසියන් පැමිණිලි කළ යුතු කාලය දැන් එළඹ ඇත.