මැතිවරණ සමයක පාප්තුමන්ගේ පැමිණිම ගැන රදගුරුතුමන්ලා එකඟ නැලු ??

0
73

pope7_2611641kජනාධිපතිවරණයෙන් දින කිපයකට පසුව ඇති විය හැකි  රටේ මැතිවරණ උණුසුමත් ඒ දිනවලම යෙදි ඇති   පාප්වහන්සේ ශ්‍රී ලංකා සංචාරයත් නිසා එය කිසිසේතම නොගැපෙන තත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි යන්න ශ්‍රි ලංකා රදගුුරු මණ්ඩලයේ වැඩිදෙනෙකුගේ අදහස බව  අනුරාධපුර රදගුරු නෝබට්‌ අන්ද්‍රදි පවසයි.

ලබන මස 13 වැනිදා පාප්වහන්සේ මෙරටට සැපැත්වීම නිමිත්තෙන් ඊට අදාළ සංවිධාන කටයුතු කල්වේලා ඇතිව සූදානම් කර තිබියදී ලබන මස 08 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කිරීම නිසා තමන් මෙම අදහස දරන බව ද අගරදගුරුතුමා පැවසීය..
ඇතැම් දේශපාලනඥයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් විසින් ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රචාරක පුවරු සඳහා ද පාප්වහන්සේගේ රුව යොදාගෙන තිබීම සම්බන්ධයෙන් ද සිය බලවත් අප්‍රසාදය පළකරන බවත් නෝබට්‌ අන්ද්‍රදි අගරදගුරුතුමා වැඩිදුරටත් පවසා ඇති බව දිවයින පුවත්පතේ පර්සි කුරුනේරු මහතා අනුරාධපුරයේ සිට වාර්ථා කර ඇත.