‘කාමච්චෝඩය පොල අසල කුඩා කුටියක වසර 5 ක් තිස්සේ ඉතා දුක්ඛිත දිවියක් ගෙවන අම්මා කෙනෙක් සහ පුතෙක් ‘
ඇය සිටින ස්ථානය හොදින් බැලුවොත් මිස කිසිවෙකූටත් නොපෙනේ. මීගමුව පොලීසියේ දිසානායක මහතාගේ සොයාබැලීම සහ මගපෙන්වීම අනූව මා යනවිට බඩු පැටවු ලොරි වලින් ඵම ස්ථානය ආවරණය වී තිබිණි.
පැහැදිළිව කතා කිරීමට අපහසු වුවත් තමන්ගේ නම තෙරේසා බවත් වයස අවුරුදු 75 ක් බවත් ඇය මා සමග පැවසුවා.
දිසානායක මහතා ප්‍රකාශකළේ පුතාට අවුරුදු 30 ක් පමණ වන නමුත් නිසි අවබෝධයක් ඹහුට නැතිබවයි. එසේම කූසගින්නට වෙළෙන්දන් ඉවත දැමු පළතූරු පවා ආහාරයට ගන්නා බවයි. ඇයට සිරුර වසා ගැනිමට ඇදුමක් තිබුනේ නැත. විළි වසා ගෙන ඇත්තේ අපිරිසිදු රෙදි කැබැල්ලකිනි’ අවට දුර්ගන්ධය සමග මැස්සන් පොදි ගැසී සිටියා. ඇයට කළ හැකිව තිබුණේ කෙදිරිගෑම පමනි.
තවත් අම්මා කෙනෙක් විසින් මෙලොවට බිහිකළ මේ අම්මාට මෙවැනි තත්වයක් උදාවී ඇත්තේ කාගේ වරදින්දැයි අප නොදනිමු. මේ සමාජය තුළ මේ තත්වය උරුමවු ඵකම තැනැත්තිය ඇය පමණක් නොවේ. මීගමු නගරය තුළ මෙවන් දේ සිදුවීම අපට ඉවසා සිටිය හැකිද? මැතිවරණ වේදිකාවල කෑ ගසන මහත්වරුනි , දේශපාලක තූමණි කතිරයකින් මැන බලන්නේ නැතිව මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ මිනිස් ප්‍රාණියා වෙත දෑස් යොමුකර බලා යමක් කරන්න.
අප මේ පිළිබදව ප්‍රාදේශීය ලේකම් කාර්්‍යාලයේ සමාජසේවා අංශය වෙතටත් සිංහසමජය වැනි සමාජ මෙහෙවරයන්හි නියැලෙන මහත්වරුන්ටත් මීගමුවේ සිටින ධානපතියන්ටත් දේශපාලක තුමන්ලාටත්මේ ගැන අවධාණය යොමුකර සිටිමු.
සැම්සන් ඥානසිරි