මැයි දිනයට වෙන්නප්පුව ලංගම ඩිපෝවෙන් බස් රථ 18ක්.

0
89

 

ctbමැයි දිනය වෙනුවෙන් වෙන්නප්පුව ලංගම ඩිපෝවෙන් බස් රථ 18 ක් විවිධ දේශපාලන පක්ෂ විසින් වෙන් කරගෙන ඇති බව වෙන්නප්පුව ලංගම ඩිපෝ කාර්යාලය පවසයි මෙහිදි ශ්‍රිලංකා නිදහස් පක්ෂය විසින් ගාල්ල සමනල ක්‍රිඩාංගණයේ පැවත්වෙන මැයි රැලියට යාම සඳහා එක් බස් රථයක් සඳහා රුපියල් 17500 ක් බැගින් ගෙවා බස් රථ 11 ක් සඳහා මුදලක් ගෙවා වෙන්කර ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ පැවැත්වෙන මැයි රැලිය සඳහා යාමට එක් බස් රථයකට රුපියල් 6000 ක් බැගින් ගෙවා බස් රථ 6 ක් වෙන්කරගෙන ඇති බව වෙන්නප්පුව ලංගම ඩිපෝ කළමනාකරු ඒ එල් මල්රාජ් මහතා පැවසීය් කිසිදු බස් රථයක් මුදල් ගෙවිමකින් තොරව මැයි රැලි සඳහා නිදහස් නොකරන බවත් ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් වලටද මෙම නීතිය එක සේ ක්‍රියාත්මක වන බව ඩිපෝ කළමනාකාරවරයා කීය එමෙන්ම පසුගිය ආණ්ඩු කාලයේ මෙන් ණයට බස් රථ ලබා නොදෙන බවත් බලහත්කාරයෙන් බස් රථ ගෙනයාමට ඉඩ නොදෙන බව මෙන්ම මුදල් ගෙවන ඔනෑම කණ්ඩායමකට උවමනා බස් රථ ලබා දීමට සුදානම් බව ඩිපෝ අධිකාරිවරයා කීය මහජන බදු මුදල් වලින් සේවාවක් ලෙස පවත්වාගෙන යන ලංගම බස් රථ සේවය මින් ඉදිරියට පසුගිය කාලයේ මෙන් දේශපාලනකයන්ගේ හිතු මනාපයට මුදල් නොගෙවා රැගෙන යාමට ඉඩ නොදෙන බව ඩිපෝ අධිකාරි වරයා වැඩි දුරටත් කීය මේ අතර වයඹ පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් මෙසේ කීය අපේ වෙන්නප්පුව ආසනයෙන් එකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට බස් රථ 10 න් ජනතාව සහභාගි වීමට සුදානමින් සිටින බවත් තමා ඇතුලු ප්‍රාදේශිය සභාවේ බහුතරයක් මන්ත්‍රිවරුන් කිරුළපන රැලියට සහභාගි වන බව පළාත් සභා මන්ත්‍රිවරයා වැඩි දුරටත් පැවසිය, පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලංගම ඩිපෝ වලින් ලබාගත් බස් රථ සඳහ රුපියල් ලක්ෂ 250 ට ආසන්න මුදල් ප්‍රමාණයක් ගෙවා නොමැති බව ලංගම අරංචි මාර්ග සඳහන් කරයි මේ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් ද පරික්ෂණයක් අරම්භ කල බවත් මේ වනතෙක් මහින්ද රාජපක්ෂ මහතා එම මුදල් ගෙවා නොමැති බව එම අරංචි මාර්ග වැඩි දුරටත් පැවසිය.

 

චන්දන ප්‍රනාන්දු

https://www.facebook.com/chandana.fernando.33?fref=ts